Untitled 2

සොඳුරු හදවත්….සහෘද කලාකරුවන් කලාකාරියන් සමඟින් හෝරා කිහිපයක්…විකසිත රඟසොබා – 2023 –

කලාකාමි සහෘද රංගන ශිල්පීන් ශිල්පිනියන් වෙත ජයහඬ ගෞරව ප්‍රණාමය පුද කල වගයි….

විකසිත රඟ සොබා – 2023 මහර සංස්කෘතික බල මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමෙන් වේදිකා ගත කරන්නට යෙදුන ප්‍රසංගයේදී…..,සිය අපූර්ව කුසලතාවයන් විදහා දක්වමින් සිය ආදරණීය සහෘදයින්ගේ හදවත් දිනාගත්ක ලාකාමී ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගන සහ නර්තන ප්‍රාතිභාව අගයමින් “කැළණිය ජයහඬ සංස්කෘතික සංසදය” විසින් සම්මාන සහතික පත් ප්‍රදානය කල වගයි..

දිනය…2023.06.30
ස්ථානය…..මහර ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාල ශ්‍රවණාගාරයේදි..

IMG 20230701 WA0091

චිරාගත සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් සිළු දල්වා උත්සව සභාවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, පැමිණ සිටි ආරාධිතයින් ඇතුළු සියලු දෙනාම පිලිගැනීමේ කතාව කරමින් සංස්කෘතික නිලධාරි අචිනි දිසානායක මහත්මිය විසින් ගෞරවයෙන් පිලිගත්තාය.

WhatsApp Image 2023 07 01 at 19.11.49
kakakakakkaka

සමාජ මාධ්‍ය භූමිකාවේ ආරම්භය සනිටුහන් කල වසර ගණනාවක එපිට..,ප්‍රවීණ මාධ්‍යවේදි සුදේශ් කරුණාතිලකයන් සහ හිමූ ආරියවංශ කවියාගෙන් ලැබුන දාකත්වය ගැන සිහිපත් කරමින් මෙවන් කටයුත්තක් ආරම්භ කිරීමේ අරමුණ පැහැදිලි කරමින් සිය කතාව ආරම්භ කල ජයහඬ සභාපතිනිය
මුහුණු පොත සඳස් කවියේ මහ ගෙදර ” සඳස කවි පිටුවේ නිර්මාතෘ හේමදාස ලියනගේ ශූරින්ගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කල සඳස..රේඩියෝවෙන් ඇරඹුණු චාරිකාව… පසුකාලීනව .සියහඬ හා බැඳුනු අත්දැකීම් ගොන්නද සමඟ ව්‍යාප්ත කරමින්
වසර දහයක් ඉක්මවන අන්තර්ජාල රේඩියෝ ගමන් මඟ තුල ආධුනික කලා ශිල්පීන් ශිල්පිනියන් හට ලබා දුන් වේදිකාව තව දුරටත් පුළුල් කරමින් සංස්කෘතික අමාත්‍යාංශයේ ලියපදිංචි ” කැළණිය ජයහඬ සංස්කෘතික සංසදය “
පිහිටුවා ගත් අතර ඒ හරහා මෙවන් අගය කිරීම් සහ දක්ෂතා වලින් හෙබි සැඟවුන කලා ශිල්පීන් ශිල්පිනියන්හට තම දායකත්වය අනුග්‍රහය ශක්ති ප්‍රමාණයෙන් දැක්වීම සහ ඒ සඳහා කටයුතු සංවිධානය කිරීම තම අරමුණ බලාපොරොත්තුව බවත්…එහි ආරම්භය මෙම සහතික ප්‍රදානය සමඟ සනිටුහන් වන බවත් අනුෂා නිලන්තිකා මහත්මිය විසින් සභාව අමතමින් ප්‍රකාශ කලාය..

IMG 20230701 WA0093

අනතුරුව පෙරදා වේදිකා ගත කල රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ දස්කම් විස්කම් බොහොමයක් අතරින් කිහිපයක් නරඹන්නට පැමිණ සිටි පිරිසට අවස්ථාව උදා කර දුන් මහර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ ප්‍රධානි අචිනි දිසානායක මහත්මිය, කටයුතු සංවිධානය සහ පෙළ ගස්වා ගැනීමේ පහසුව පිනිස නිවේදන භූමිකාවද තමන් විසින්ම සිදු කරන්නට යෙදුනු අතර කාලය කලමණාකරණය කර ගැනීමට එය ඉතාම පහසුවක් වූයේ එම උත්සව සහාභාවෙන් අනතුරුව සූදානම් කරගෙන තිබුන බල මණ්ඩලයේ සමිතිවාරයද යෙදී තිබුන නිසාවෙනි….

IMG 20230701 WA0086
WhatsApp Image 2023 07 01 at 11.21.04
IMG 20230701 WA0089
WhatsApp Image 2023 07 01 at 11.21.34

ජයහඬ වෙනුවෙන් මේ කටයුත්ත සංවිධානය කරන්නට පුරෝගාමි වූ …,ජයහඬ සංස්කෘතික සංසදයේ ගරු ලේකම් බණ්ඩාර රාජපක්ෂ මහත්මා විසින්,… සංස්කෘතික නිලධාරි අචිනි දිසානායක මහත්මියගේ පූර්ණ අධීක්ෂණය සහ උපදෙස් මත ඉතාමත් හොඳින් සංවිධානය කර තිබීම මනාව කැපී පෙනුන අතර එම සංවිධානය වෙනුවෙන් සංස්කෘතික නිලධාරිනිය විසින් සිය ප්‍රශංසාව …, බණ්ඩාර මහතා වෙත ප්‍රණාමය පුද කරන ලදී..….,

IMG 20230701 WA0009
IMG 20230701 WA0004
IMG 20230701 WA0015

මනා නායක්තවයක් තුලින් ලබා දුන් සහය සහයෝගය වෙනුවෙන් ජයහඬ ගෞරව ප්‍රණාම සංස්කෘතික නිලධාරිනි
අචිනි දිසානායක මහත්මිය වෙත පුද කල අතර.
එතුමිය අගයමින් දක්ෂ කිවිඳියක වූ බුත්පිටියේ නිරෝෂා ගුණසේකර මහත්මිය විසින් කාව්‍යාත්මක පද පෙලක් සිය මියුරු හඬින් සභාවට ඉදිරිපත් කලාය.සහභාගිත්වය..කුසලතාවය සහ අපූරුව හැකියාව යන අංශ මෙන්ම දායකත්වය දැක්වූ කලා නිකේත මහත්ම මහත්මීන් වෙතද කැළණිය ජයහඬ සංස්කෘත සංසදය විසින් සිය ප්‍රනාමය ගෞරවය මේ ආදරණීය කලා කරුවන් කලා කාරිනියන් වෙත ඉතාමත් ගෞරවයෙන් සෙනෙහසින් පුද කරන්නට යෙදුනි.

ජයහඬ සංස්කෘතික සංසදයේ මූල්‍ය පරිපාලක යමුනා මංගලිකා මහත්මියද…සිහනද කවි සම්මේලනයේ සභාපති.., සංකලන සඳස් කවි සංසදයේ විධායක උපදේශක.., කැළණිය ජයහඬ සංස්කෘතික සංසදයේ ක්‍රියාකාරි සාමාජික රංජිත් මල්ලවාවඩු මහත්මාණන්…සාමාජිකා ජී.එල් රෝෂානි මහත්මිය ඇතුළු සම්භාවනීය මහත්ම මහත්මීන් කිහිප පොලක්ම මේ අවස්ථාවට සහහාගි විය.

IMG 20230701 WA0102 1
IMG 20230701 WA0097 1

කලාකරුවන්ගේ ප්‍රාසංගික බව ප්‍රශංශාත්මකව අගයමින් කවිය සහ කවියා වෙනුවෙන් නිහඬ සේවයක යෙදෙන රංජිත් මල්ලවාවඩු මහතාණන් විසින් සභාව ඇමතූ අතර මහර සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිනිය
ප්‍රවීන දක්ෂ හිටිවන කිවිඳියක්…තේජා ගම්මන මහත්මිය විසින් සිය අපූරු ගායනයෙන් වේදිකාව රස ගැන්වූ අතර පැමිණ සිටි පිරිසට සිය ස්තුතිය ප්‍රකාශ කලාය..

IMG 20230701 WA0111

සොඳුරු සහෘද කලාකාමින් විසින් රඟ දක්වන්නට යෙදුන අතීත සිනමාව සිහිපත් කල සහෘද කලා ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයන්ද..ජයහඬ සහ බල මණ්ඩලයේ සහෘද දායකත්වයෙන් අවස්ථානුකූලව බෙදා හදා ගත් සංග්‍රහයද ඉතාමත්ම සතුටින් පිලිගත් බව සභාවේ සිටි සියලු දෙනාගේම මුහුණු වල සටහන් වී තිබුනි..

IMG 20230701 WA0016
IMG 20230701 WA0018
IMG 20230701 WA0022

කලාවට හිතැති කලා ලැදි පිරිසක් විසින් එවන් වූ කලාකාමි සහෘද පිරිසක් අගයමින් කල ආදරණීය හෝරා කිහිපයක් නිමාවට පත් කරමින් ජාතික ගීතය වාදනය කිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත් කරන ලද අතර…සොඳුරු සිත් ඇති සහෘද ඔබ සියලු දෙනාගේ සෙනෙහෙබර බවත් ආදරයත් සතුටත්…ජයහඬ මතක පොත පිටු අතර ඉතාමත් සතුටින් තබන බව ගෞරවයෙන් සටහන් කරමි…..

WhatsApp Image 2023 07 01 at 11.21.22
WhatsApp Image 2023 07 01 at 11.21.25

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *