“ඉතින් කොහොමද ජීවිතේ”…මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..
#කලාව පැත්තෙන් කියලා මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ …හැබැයි පුංචි කාලේ ඉඳලම කලා කටයුතුවලට පුදුම ආසාවක් ඇල්මක් දැක්වුවා … ….
” ජයහඬ ” ..ඉතින් කොහොමද ජීවිතේ… කියා අහන්නට..බලන්නට මසිත පියමං කරන මොහොතේ මම ගොඩවුනා අපූරු තැනකට.. එය මටත් සුවිශේෂී තැනක්.. මන්ද ..කලාවේ මගේ මහගෙදර .. මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික අංශය… ඉතින් මට හිතුනා ” ජයහඬ ” කතා බහට හඬ අවදි කරවන්නට සුවිශේෂී කෙනෙකු සමඟ එක්වන්නට… මැය තමයි මහර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිළධාරීණී අචිනි ප්‍රනාන්දු මහත්මිය ..
ඉතාමත් සතුටින් මගෙ ඇරයුම පිලිගත්තා..
📻..
ආයුබෝවන් ඔබතුමියට .!
ඉතින් කොහොමද ජීවිතේ …
ආයුබෝවන් .!ජීවිතය හරිම දුකයි.. කරදර බාධක ගොඩයි..
📻..
එහෙම කියන්න හේතුව ..
වටපිටාව කොහොමත් ජීවිතයට බලපානවා ..කන බොන එක අඳින පළඳින එක යන මේ හැම දෙයක්ම කරදරයක් අපහසුවක් විදියටයි දැනෙන්නෙ…
📻..
කලාවට සම්බන්ධ වුනේ පවුල් පරිසරයක් තිබුනාද..? එහෙමත් නැතිනම්…..
කලාව පැත්තෙන් කියලා මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ …හැබැයි පුංචි කාලේ ඉඳලම කලා කටයුතුවලට පුදුම ආසාවක් ඇල්මක් දැක්වුවා ….මගේ තාත්තා විදුහල්පති කෙනෙක් නිසා නිතරම කලා කටයුතු කරනවට කැමැත්තක් දැක්වුවේ නෑ .. හැබැයි විශ්වවිද්‍යාලෙදි තමයි කලාවට යොමු වන්නේ… විශේෂයෙන්ම වීදි නාට්‍ය ජන ගීත වැනි දේ වලින් තමයි මං කලාවට ආවේ….
📻..
කලාව පැත්තට යොමුවන්න පොඩිකාලේ ඉඳන්ම ආශාවක් තිබුනද …
නැහැ ..ඇත්තටම නෑ.. මං පුංචි කාලෙ ඉඳලම ආස කළේ ගුරුවරියක් වෙන්න.. ඒ වගේම මගේ මුල්ම රැකියාව වෙන්නෙත් ගුරු වෘත්තිය ..නමුත් කාලයක් ගුරු වෘත්තියේ ඉන්නකොට හිතුනා ඒක හරිම ඒකාකාරී කියලා …ඒ නිසා තමයි මේ රැකියාව තෝරා ගත්තේ …
📻…
මේ රැකියාවෙන් හිතට එකඟවම මානසික තෘප්තියක් ලැබෙනවද …
ඇත්තටම…. පුදුම මානසික තෘප්තියක් ලබනවා ….කිසිම වෙනසක් දැනෙන්නෙ නෑ ..උදේ ඉඳල හවස් වෙනකන්ම කලත් කිසිම වෙහෙසක් මට දැනිලා නෑ …ඒ ලබන සතුට සතියක් පුරාවටම දැනෙනවා…
📻..
සංස්කෘතික වශයෙන් ලොකු පොඩි බේදයකින් තොරව හැම කෙනාවම ඒකරාශි කරගෙන යන ගමනක් අපි දකිනවා ..ඒ ගැන කතා කලොත් …?
**
මිනිසුන්ගේ හිත සතුටු වෙන්නේ මොනවායින්ද කියන එක දැන් මට තේරෙනවා … ඒගොල්ලො කලා කටයුතුවල නියැලෙනවිට ලබාගන්නා සතුට මට දැනෙනවා… ඒ නිසා හැමදාම ලොකු පොඩි කාටත් තම තමන්ගේ කලා කටයුතු කිරීම සඳහා මට පුළුවන් සියලුම දායකත්වය ලබා දෙනවා.. ඒ වාගේම අවශ්‍ය සියලුම කටයුතු කරනවා….
📻..
කලාවත් සාහිත්‍යයත් මුල්කරගෙන යන මෙම ගමනේ ඉදිරි බලාපොරොත්තු කොහොමද ඇසුවොත් ..
කාරුණික හදවතක් තියෙන සොඳුරු මිනිසුන් පිරි ශ්‍රී ලංකාවක් බිහි කිරීම මගේ එකම අරමුණයි…
📻..
පසුගිය දිනෙක දිරිය කාන්තාවන් සියදෙනා අතරට සම්මානයෙන් පිදුම් ලැබුවා . .. ඒ ගැන අදහස් දැක්වූවොත්…
දාහත් අවුරුද්දක් පුරාවටම මට නොයෙකුත් සම්මාන හමුවෙලා තියෙනවා… නමුත් පුදුමයක් කියන්නේ ඒ සම්මානය ලැබෙන දවසට විතරයි මට ඒ සතුට තියෙන්නේ.. මම සම්මාන වලට ආස කෙනෙක් නෙමෙයි.. වැඩ කරන්න ආස කෙනෙක්… කලාවෙන් කෙනෙකු ලබන මානසික සතුට මට ලැබෙන සම්මානයකට වඩා වටිනවා .. නමුත්.. මේ වෙලාවේ මට ඒ සම්මාන දුන් සියලු දෙනාම කෘතඥ පූර්වකව මතක් කර සිටිනවා….
📻..
සංස්කෘතික දෙපාර්තමේන්තුවත් සමඟ මේ කරන්නාවූ කර්තව්‍යයන්ගෙන් බලාපොරොත්තුවන පරමාර්ථය ගැනත් අපි දැනගන්න කැමතියි ..
ඇත්තෙන්ම .. මේ ප්‍රශ්නය ටිකක් දිගට කතා කළ යුතු එකක් වුවත්… මං මෙහෙම කියන්නම්… පිරුණු හැදුණු සොඳුරු මිනිසුන් පිරි ලොවක් බිහි කිරීම තමයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පරමාර්ථය….
📻..
ඉතින් අවසරයි. ” ජයහඬ ” රේඩියෝ වෙනුවෙන් දහසකුත් කටයුතු පසෙකලා මා සමඟ කතා බහට එකතු වුනාට ඔබතුමියට බොහොමත්ම ස්තුතියි ….
” ජයහඬටත් බොහොමත්ම ස්තුතියි මාව සම්බන්ධ කරගැනීම වෙනුවෙන් …