BBBBBBBBBBBBBBBBBBBBBBBB

වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ කඨින පින්කමේ සුවිශේෂි අවස්ථා

2022 ඇසළ මස 13 වන දින එනම් පසළොස්වක පොහොයට පසු දින ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් සමාදන් වීම. වැල්ලබඩ පත්තුවේ දික්වැල්ල , කෝන්දෙණිය අශෝකාරාම විහාරස්ථානයේ පෙරවස් සමාදන් වීම සිදුවිය. මෙහිදී සතර පේරුවේ දායකයන් එක්ව සතර පේරුවම නියෝජනය වන පරිදි වස් ආරාධනාව සිදු කරන ලදී. ත්‍රිවිධ රත්නය උදෙසා පූජා පිළිවෙත් සිදු කිරීමෙන් අනතුරුව වැහි සළු , දැහැත් ගොටු හා චතුමධුර පූජා කරමින් නානායක්කාර නිවසේ දායකයින් විසින් මෙසේ වස් ආරාධනා ලදී.

WhatsApp Image 2022 11 12 at 5.27.03 PM 1
WhatsApp Image 2022 11 12 at 5.27.06 PM 1
WhatsApp Image 2022 11 12 at 5.27.06 PM
WhatsApp Image 2022 11 12 at 6.03.34 PM
WhatsApp Image 2022 11 12 at 6.04.48 PM
WhatsApp Image 2022 11 12 at 6.05.10 PM
kondeniya අශෝකාරාම විහාරස්ථානයේ viharadipathi, වැවුරුකන්නල සිරි සුදස්සන මූලික පිරිවෙනේ පරිවේණාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය බැරගම පියසුමන ස්වාමින් වහන්සේ.

වස් තුන් මස අවසන චාරිත්‍රානුකූල ව කඨින චීවරය වස් ආරාධිත නිවසේ තැන්පත් කොට ගිලන්පස පස, චතුමදුර , මල් පහන් සුවද දුම් ආදී පූජා පිළිවෙත් පවත්වා , වීදී සංචාරය කොට 2022-ඔක් මස 23 වන දා හිමිදිරි උදෑසන හේවිසි සක් නද හා වෙස් නැටුම් සහිතව අලංකාර පෙරහැරකින් ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් විහාරස්ථානය වෙත වැඩම කරවීම. මෙය කොස්ගසේ කොස් කොලයේ නටුව පෙනෙන සේ සූර්‍යා උදාවීමට පෙර කඨින චීවරය පූජා කිරීම චාරිත්‍රයයි.

WhatsApp Image 2022 11 12 at 6.45.58 PM
WhatsApp Image 2022 11 12 at 6.46.02 PM
WhatsApp Image 2022 11 08 at 7.48.42 PM
2022 ඉල් පුර පොහෝ දින අශෝකාරාම විහාරස්ථානයේ පැවැති කඨිනානිසංශ ධර්ම දේශනය….

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *