wewewewew
|

” ඉතින් කොහොමද ජීවිතේ “/ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….

****මම කැළණිය සරසවියෙන් සිංහල විශය පිලිබඳව විශේෂවේදී උපාධියක් හා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ව්‍යුත්පත්තියෙන් සුසැඳි නිර්මාණකරණයට පිවිසුනා…ගුරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම්ද මගේ ජිවිතය පෝෂණය කලා කීවොත් නිවැරැදියි …(ශාස්ත්‍රපති පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….)****

***************************************** **************************************** *************************************

” ජයහඬ ” ” ඉතින් කොහොමද ජීවිතේ ” ගැන සොයන්නට මගෙ හිත අපූරු තැනකට ඇදී ගියා… ඒ සතර කෝරළයේ වේයන්ගොඩ ප්‍රදේශයෙහි පිහිටා ඇති පිංබිමක විහාරස්ථානයකට …
එහි වැඩවසන්නේ අපි කවුරුත් දන්නා ගේයපද රචනයට අති දක්ෂ කවියට ලැදි පිංවත් හිමිනමක් වූ ගී ලියන යතිවර පරපුරෙහි ඉදිරියෙන් සිටින පූජ්‍ය මහගම සීලානන්ද ස්වාමීන් වහන්සේ ….
” ජයහඬ ” වෙනුවෙන් කතාබහ කරන්නට මාගේ ආරාධනයෙන් උන්වහන්සේ මා සමඟ දොඩමළු වුනා….

📻 …
ඉතින් කොහොමද ජීවිතේ අපෙ හාමුදුරුවනේ ..
*හොඳින් ඉන්නවා කලාකටයුතුවල නියැලෙමින්…

📻…
ඔබ වහන්සේ කලාකෙතෙහි දැන හඳුනන්නේ..?
*පූජ්‍ය මහගම සීලානන්ද හිමි කියා තමයි කවුරුත් දන්නේ….

WhatsApp Image 2022 11 14 at 2.13.15 PM

📻..
කොයි කාලයක සිට වැඩවසනවාද මෙම විහාරස්ථානයේ ….
* මෙම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් වසර 30ක් තුල ඉතාමත් දර්ශණීය තැනක් කලා.. මම එය බොහොමත්ම සතුටින් ප්‍රකාශ කරනවා ..

WhatsApp Image 2022 11 15 at 1.21.11 PM

📻..
ඔබවහන්සේ ගේ තවත් තොරතුරු බිඳක් පැවසුවොත් ..
*හොඳයි . .. මම කැළණිය සරසවියෙන් සිංහල විශය පිලිබඳව විශේෂවේදී උපාධියක් හා ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ව්‍යුත්පත්තියෙන් සුසැඳි නිර්මාණකරණයට පිවිසුනා…ගුරුවරයෙකු ලෙස ලැබූ අත්දැකීම්ද මගේ ජිවිතය පෝෂණය කලා කීවොත් නිවැරැදියි …

📻..
නිර්මාණකරණයට පිවිසීම හා වර්තමානය ගැන සිහිපත් කලොත්…..
*දශකත්‍රයකට අධික කාලයක් නිර්මාණ ජීවිතයට එක්වෙමින් 1984 වසරෙහි ” මියැසිය ” වැඩසටහන වෙනුවෙන් ගුවන් විදුලියට ගී ලිවීමෙන් තමයි ආරම්භය ගත්තෙ .. ගීතය ගැයූවේ විශාරද බන්ධුල විජේවීර විසින්..එතැන් පටන් මේ දක්වාම ජ්‍යෙෂ්ඨ ගායක ගායිකාවන් රැසකට ඒ ගී එකිනෙකෙහි විචිත්‍රතාව රැකගන්න සමත්වුණා…

📻…
අපි දන්නා තරමින් ඔබ වහන්සේගේ සුරතින් බොහෝ නිර්මාණ ග්‍රන්ථ එදා මෙදා බිහිවී තිබෙනවා… ඒ ගැන සඳහන් කලොත් …
*ඔව් ඇත්තෙන්ම , ගේයපද රචනා ඇතුලුව කෘතීන් බොහොමයක් කලා..

  • සින්දු බින්දු මල් ( ළමා ගී )
  • සනනල යාය ( ළමා ගී )
  • පියුමක ලස්සන ( ළමා ගී තැටිය )
  • සසර සුගතිය ( ධර්ම ග්‍රන්ථය )
  • බෝධි පූජාවේ මහිමය
    *සම්බුද්ධ ප්‍රතිමා පූජා
  • පැවිදි පිංකම හා කඨින පූජා
    *සසුනට කිරි සුවඳ ( කවිබණ )
  • සුවඳ බාලොලි ( කවිබණ )
    *පුන් සිසි කැන් ඉසි ( ගේය කාව්‍ය )
  • මගෙ උයනෙ ඉඩ ඇත ( කාව්‍ය සංග්‍රහය )
WhatsApp Image 2022 11 14 at 2.13.16 PM 2

📻..
ඉදිරියටත් මෙවන් දෑ එළිදැක්වීමට බලාපොරොත්තු තියෙනවාද ..
*අනිවාර්යයෙන් ම…

📻..
ඔබ වහන්සේ මුල්තැන දෙන්නේ ගේය පද රචනා පැත්තට .. අපි අහන්න කැමතියි කවියෙහි ආරම්භය ගැනත්…
*ඇත්තෙන්ම කවියෙහි ආරම්භය ගත්තේ මම අන්තර්ජාලීය මුහුණු පොතෙන්… ඒත් එක්කම කවිය රසිකයන් අතරට ගෙනයන්නට හැකිවුණෙත් මුහුණු පොතෙන්.. ඒ වගේම මගෙ මුල්ම කවිය දවස පුවත් පතේ පළවුනා ” අම්මා ” තේමාව යටතේ… බොහෝ පුවත්පත් වලටත් ලීවා…ඉතින් 2022 එළිදැක්වූවා ” මගෙ උයනෙ ඉඩ ඇත ” කාව්‍ය සංග්‍රහය…ඒත් එක්කම එම වසරේම ” පුන් සිසි කැන් ඉසි ” ගේයපද කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වූවා …

WhatsApp Image 2022 11 14 at 2.13.16 PM
WhatsApp Image 2022 11 14 at 2.13.16 PM 1

📻..
අපි දකිනවා ඔබවහන්සේ උදෑසනම මුහුණු පොතට පියමං තබනවා….
* ඔව්, මම වසර 3 ක් එක දිගටම දවසක් නෑර සුබ පැතුම් කවිය ලියනවා…දැහැමි පණිවිඩයක් …

📻…
ඇත්තෙන්ම අපි පොදුවෙ එය අගය කරනවා අපෙ හාමුදුරුවනේ ..
* ඒ ඇගයීම් මට බොහොමත්ම සතුටුයි ..

📻..
ඔබවහන්සේ පසුගිය දා රාජ්‍ය සම්මානයකට ප්‍රාප්ත වුනා නේද …?
* ඔව් ඇත්ත…පසුගිය රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී සාහිත රංජන සම්මානය මට හිමිවුණා… ඒක ලොකු සතුටක්…

WhatsApp Image 2022 11 15 at 7.50.21 AM

📻..
එහෙම නම් කලාදිවියට ආරම්භයට උරදුන් කෙනෙක් ගැන හා යම් පිරිසක් ගැන සඳහන් කලොත් …
** ඇත්තෙන්ම මට පාර කියා දුන් රඹුකන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් නමස්කාර පූර්වකව සිහිපත් කරනවා .. ඒ වාගේම විශේෂයෙන් ම සම්භාව්‍ය ගායක ගායිකාවන් වන ආචාර්ය නන්දා මාලනීයන් සහ ආචාර්ය වික්ටර් රත්නායකයන් මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි , මල්කාන්ති නන්දසිරි විශාරද එඩ්වඩ් ජයකොඩි ..ඇතුලු මාගේ සියලුම ගී නිර්මාණ ගැයූ ගායක ගායිකාවන් හා සංගීත නිර්මාණ ශිල්පීන් ඇතුලු හැමෝම කෘතවේදිව සිහිපත් කරනවා…

WhatsApp Image 2022 11 14 at 2.12.54 PM 1

📻..
අවසාන වශයෙන් නැවතත් මුණ ගැසෙනතුරු ඔබවහන්සේගේ කලා දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .! කලාකෙත පෝෂණය කරන්නට දීර්ඝායු සම්පත් ලැබේවා යි .! ” ජයහඬ ” අපි ප්‍රාර්ථනා කරමු.. තෙරුවන් සරණයි .!
** ” ජයහඬ ” රේඩියෝවටත් මෙවන්වූ මාහැඟි වටිනා කර්තව්‍යයන් තව තවත් ඉදිරියට කරන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා .! තෙරුවන් සරණයි .!…..

Bandara rajapakasha
සටහන ; බංඩාර රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *