රුවන්වැලි මහ සෑය 100 වෙනි කඨින පින්කම#Ruwanweli maha seya
රුවන්වැලි මහා සෑය හෙවත් ස්වර්ණමාලි මහා සෑය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ශාරීරික චෛත්‍යයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන (පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන අතරින් එකකි.
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ලෝකයේ පූජනීයම ස්ථාන අතුරින් එකකි. ඒ අතරම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින එකම දාගැබ වන්නේද රුවන්වැලි මහා සෑයයි.
නිශ්චිත දායක සභාවක් නොමැති රුවන්වැලිසෑය විහාරස්ථානයට දිවයින පුරාවට ම දායකකාරකාදීන් සිටී
අන් විහාරස්ථාන වලට සාපේක්ෂව මෙහිදී කඨින වස්ත්‍ර පූජා පින්කමේ සුවිශේෂී චාරිත්‍රයක් වන්නේ කඨින චීවරය රෙදි වියන යන්ත්‍ර යොදාගෙන විහාරස්ථානයේ වැලි මළුවේ සිට වියා ගැනීමයි. මෙම කර්තව්‍යය කාන්තාවන් විසින් සිදුකරනු ලබන අතර තූර්ය නාද හා සංඝරත්නයේ පිරිත් සජ්ජායනය මැද සිදුකරයි
වස්සාන කාලයෙහි භික්‍ෂූන් වහන්සේ අනිවාර්යයෙන්ම පෙර වස් හෝ පසුවස් එළඹිය යුතුය. මෙය බුද්ධ නියමයකි.
වස් කාලය අවසන් වීමෙන් පසුව එළැඹුණු පවාරණය…..
කඨින සළු විවීම … පාඩු පෙවීමෙන් පසු කඨින සිවුරු පූජා කිරීම නොවැම්බර් හතර පෝය දින උදෑසන… එදිනම සන්ධ්‍යාවේදී කඨිනානිසංස දේශනය
අතීතයේ සිට පැවතෙන සියලු චාරිත්‍ර වාරිත්‍ර නියමකාරයෙන් ඉටු කරමින් රුවන්වැලි මහ සෑය කඨින පින්කම මෙවරද සාම්ප්‍රදායානුකූලවම සිදු වූයේ 100 වෙනි වරටය…එම පුණ්‍යවන්ත අවස්ථාවේ මතක සටහන් කිහිපයක් ජයහඬ අසන නරඹන ඔබ වෙනුවෙන් බැතිබරව තබන්නෙමු…