school
|

මේන් අපේ ස්කෝලේ/ දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
එසැඩ මනාවත් වතුරෙන් යට නොවෙනා
කෝප වුනත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා…..

ඔබ මම අප හැමෝගෙම වන්දනාවට බඳුන් වුන හදවත්හි සදාතනිකව ලැඟුම් ගත් ආදරණීයම පියස…
ඉගෙනුම ලැබූ පාසැල….
ජීවිත කාලය පුරාම අමතක නොවන….සමනල් යුගය…

“මේන් අපේ ස්කෝලේ…”
අද පලමු පියවර

දොඩම්පහල මහා විද්‍යාලය – දික්වැල්ල

දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල නගරය ඒ තරම්ම සුන්දර වුණේ එහි පිහිටීමත් ප්‍රදේශවාසීන්ගේ ආගමික පසුබිමක් නිසා. එක් පසෙකින් දිවෙන දිගු වැලි වෙරළ තීරය, නිල්වන් මුහුදු තීරය මෙන්ම අනෙක් පසින් දිස්වන අනිමිස ලෝචනයේ යෙදෙන වැවුරුකන්නල බුදු රජමහ වෙහෙර හිඳි පිළිම වහන්සේ මේ නගරයේ අනන්‍යතාවයන්…කුමරතුඟු මුනිදාසයන් වැනි උගතුන් හෙළ සාහිත්‍යයට දායාද කළ මේ පුරවරයේ පිහිටා ඇති පාසැල් රාශියක් අතරින් අපේ පළමු ළඟවීමයි මේ.

IMG 20210203 084912
IMG 20210211 074131

දික්වැල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් “දොඩම්පහල මහා විදුහල” වෙරළ තීරයට බොහෝ ආසන්නව ධීවර ගම්මානයක් මැද පිහිටා තිබෙන වර්ෂ 1927 පෙබරවාරි 03 වන දින ඩී. බී ඒ . ජයවික්‍රම මුල්ගුරුතුමන්ගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම පාසල ඉන් අනතුරුව විදුහල්පතිවරුන් 16 දෙනෙක් ගේ අපරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයෙන් දීප්තිමත් පාසලක් බවට පත්ව ඇත.

IMG 20210209 074702

300කට ආසන්න සිසු පිරිසකට සිප්සතර බෙදාදෙන මෙම පාසල වර්තමාන විදුහල්පති පූජ්‍ය ලියන්වෙල සුමනසිරි නාහිමිපාණන් සමඟින් ගුරුවරුන් 25 දෙනෙක් හා අනධ්‍යන සහායකයින් 10 දෙනෙගේ කැපවීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණ බොහෝය.

ආචාර්‍ය මණ්ඩලය
ආචාර්‍ය මණ්ඩලය

5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන්, සාමාන්‍ය පෙළ විභාගයෙන් 100% ප්‍රතිඵල අඛණ්ඩව වාර්තා කරන මෙම පාසල ” ගුණ නැණ දැනුවත් අපේ දේ අගයන දරුවන් පාසලෙන් බිහි කරමින් දකුණේ විශිෂ්ටතම පාසල බවට පත්කිරීමේ” දැක්ම පෙරටු කොට ගනිමින් සුචරිතවත් අභියෝග හමුවේ නොසැලී පෙරට යනදරු පරපුරක් බිහි කිරීමේ මෙහෙවර ඉටු කරමින් සිටී.

ගරු විදුහල්පති පූජ්‍ය ලියන්වෙල සුමනසිරි නාහිමිපාණන් වහන්සේ ගේ අවවාද උපදෙස් අනුව යමින්

  • 2015 – ජාතික ඵලදායීතා සම්මානයෙන් සමස්ත ලංකා තුන්වන ස්ථානය දිනා ගැනීම
  • 2016 – පාසල් ශිෂ්‍යත්ව ගෙවතුවගා තරගය , දකුණු පළාත් ප්‍රථම ස්ථානය දිනා ගැනීම
  • 2017 ජනපති පරිසර සම්මානය සමස්ත සමස්ත ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීම
    මෙන්ම ගුරු ප්‍රතිභා ප්‍රභා 2017 – දැයේ දූ දරුවන් දරුවන් අනාගත අභියෝගයන්ට මුහුණ දීමට සමත් නිපුණතාවන් ගෙන් පරිපූර්ණ යහපත් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමේ උදාර මෙහෙවරට නායකත්වය ලබාදී ලබා දී පාසල සාර්ථකත්වය කරා මෙහෙයවීම ඇගයීම වෙනුවෙන් ගරු විදුහල්පති සුමනසිරි නාහිමිපාණන් ඇගයුමට ලක් වීම ද අප විදුහල අත්පත් කර ගත් ජයග්‍රහණ අතරින් කිහිපයකි…
WhatsApp Image 2022 10 29 at 12.43.39 PM

WhatsApp Image 2022 10 29 at 12.43.38 PM 1
WhatsApp Image 2022 10 29 at 12.43.36 PM
WhatsApp Image 2022 10 29 at 12.46.27 PM 1
WhatsApp Image 2022 10 30 at 6.45.16 PM
ක්‍රීඩා අංශයේ නෙට්බෝල් තරග ජයග්‍රහණ අත්පත් කරගත් විද්‍යාලීය සිසු දැරියන්…
WhatsApp Image 2022 10 30 at 6.49.01 PM
හරිත පාසලක් තනන්නට වෙර දරන පරිසර බලකාය
WhatsApp Image 2022 10 30 at 6.49.02 PM
DODAMPAHALA MAHA WIDYALAYA….සති සමාධි යෝගා වැඩ සටහන#yoga

පාසැලේ දරුවන් වගේම
ආදරණීය ගුරු මව්පියවරු මේ පාසැලට ගෙන එන්නේ ආලෝකයක්.
දරුවන්ගේ සතුට වෙනුවෙන්
ගුරු මව්වරුන්ගේ දස්කම් වේදිකාව ලස්සන කලේ මෙන්න මේ විදිහටයි……

සිය අධ්‍යාපන කටයුතු සේම විෂයභාහිර ක්‍රියාකාරකම් තුලින්ද දරුවන්ට ඔවුනගේ හැකියාවන් වර්ධනය කරගන්නට ගරු විදුහල්පති පූජ්‍ය ලියන්වෙල සුමනසිරි නාහිමිපාණන් ඇතුලු විද්‍යාලීය ගුරු මහත්ම මහත්මීන්ගෙන් ලැබෙන පිටිවහල අපි ගෞරවයෙන් අගය කරන්නෙමු….තවත් සියවස් ගණනාවක් දස දහස් ගණනාවක් සිසු දරු දැරියන්ගේ දැනුම කුසලතාවය සහ යහගුණ දහම් වඩවන ජයග්‍රහණ විජයග්‍රහණ කරන දකුණු ලක බබලවන පාසැලක් වේවායි ජයහඬ අපි ඉත සිතින් සුබාශිංසන ගෙන එන්නෙමු.

සම්බන්ධීකරණය සහ තොරතුරු
සවීනා නානායක්කාර ගුරු මහත්මිය
සටහන..ජයහඬ වෙනුවෙන් නිලන්ති ගමගේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *