for a healthy life

නීරෝගී ජීවිතයක් සදහා සමබල ආහාර වේලක වැදගත්කම/for a healthy life

for a healthy life
for a healthy life

සමබල ආහාර වේලක ප්‍ර‍ධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ඛණිජ ලවණ හා ජලය අඩංගු විය යුතුය. මේවා අපේ ආහාරයට ධාන්‍ය, එළවළු, පළතුරු, කොළ වර්ග, කිරි, බිත්තර, මස් හා මාළු එක් කර ගැනීමෙන් සපුරා ගත හැක.අප ආහාරයට ගන්නා බත් ඇතුළු ධාන්‍ය වර්ග වල කෙදි හා තන්තු වැඩි ප්‍ර‍මාණයක් අඩංගු වේ. එමගින් අප ශරීරයේ සිනි හා කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරිමත් ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා සෑදීමේ අවධානමද අඩු කර ගත හැකි වේ.

තවද අපගේ ආහාරයේ එළවළු, පළතුරු, පළා වර්ග වල විවිධ විටමින් හා ඛණිජ ලවණ අඩංගු වේ. එමෙන්ම ධාන්‍ය වර්ග, බිත්තර, කරවල, මස් මාළු වැනි දේ ආහාරයට එක් කර ගැනීමෙන් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගත හැකි වේ. මේදය අඩංගු ආහාර හැකිතාක් භාවිතය අවම කළ යුතු වේ. යම් යම් මේද ප්‍ර‍තිඔක්සිකාරක ලෙස ක්‍රියා කර පිළිකා සහ නිදන්ගත රෝග සෑදීමේ අවධානමක් ඇති වේ. එබැවින් මේදය අඩංගු ආහාර අවම මට්ටමින් භාවිතා කිරිමට කටයුතු කළ යුතුය.
එලෙසම පිරිසිදු ජලය භාවිතයට පුරුදු විය යුතු අතර දිනකට පුද්ගලයෙකු ජලය ලීටර 1.5 – 2 පමන පානය කළ යුතුය.තවද ලුනු භාවිතය හැකිතාක් අඩු කළ යුතු අතර පුද්ගලයෙකුට නිර්දේශිත ලුනු ප්‍රමාණය ග්රෑම් 05 අඩු විය යුතුය.සීනි භාවිතය හැකිතාක් සීමා කළ යුතුය. සීනි භාවිතය වැඩි වීම හේතුවෙන් ශරීරයේ ශක්ති අතිරික්තයක් ඇති වී අධික බර හා ස්ථුලතාවයක් ඇති වේ. මෙමගින් දියවැඩියාව, හෘද රෝග සහ පිළිකා ඇති වීමේ අවධානමද ඇති වේ.තවද අප ගන්නා ආහාරයට තිරිගු පිටි හා ඒ ආශ්‍රිත ආහාර වර්ග භාවිතය හැකිතාක් අවම විය යුතුය. තිරිගු පිටි හා ඒ ආශ්‍රිත ආහාර වර්ග බහුලව ගැනීමෙන් ස්ථුලතාවය ඇති වේ. එමගින් දියවැඩියාව හා ආහාර මාර්ගය ආශ්‍රිත රෝග සෑදීමේ ප්‍ර‍වනතාවයක් ඇති වේ.

තවද ආහාරයට ගන්නා එළවළු, පළතුරු හා පළා වර්ග හැකිතාක් සෑම විටම ගෙවත්තෙන් ලබා ගැනීමට පුරුදු වන්න. එමගින් එළවළු, පළතුරු පළා වර්ග වලට බාහිරින් එකතුවිය හැකි (කෘෂි රසායන වර්ග හා රසායනික පොහොර වල) අහිතකර ද්‍ර‍ව්‍ය ශරීරගත වීම වළකා ගත හැක. එලෙසම නැවුම් එළවළු, පළතුරු හා කොළ වර්ග ස්වභාවිකව ලබා ගත හැකි ආහාර වර්ග වැඩිපුර භාවිතයට පුරුදු විය යුතුයි.තවද අප ආහාරයට ගන්නා කුළු බඩු හැකි සෑම විටම නිවසේදීම සකසා ගැනීමට පුරුදු වන්න. එමගින් ඔබටත් පවුලේ සාමාජිකයන්ටත් නිසි පෝෂණයක් ලබා ගත හැකි වේ. නිරතුරුවම අපගේ ආහාරයේ තන්තුමය ආහාර අඩංගු වීම තුලින් හා දේශීය පළතුරු හා කොළ වර්ග භාවිතයට වැඩි කිරිම තුලින් බොහෝ සෞඛ්‍ය ගැටළු විසදා ගත හැකි වේ.
තවද ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමද යහපත් මානසික තත්වයක සිටිමද නීරෝගි දිවියකට අත්‍යවශ්‍ය සාධකයකි.
මිනිසුන් නිරෝගීව සිටීම සදහා නිසි පෝෂණයක් ලබා ගත යුතුය. විවිධ පෝෂණ ඌණතා හේතුවෙන් මිනිසුන් දුර්වල වී එදිනෙදා කටයුතු සිදු කිරීම අපහසුවීමත් කළ හැකි කාර්යයන් ප්‍ර‍මාණය අඩු වීමත් සිදු විය හැකිය.
තවද පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන් විවිධ රෝගාබාධ වලට නිරතුරුවම ලක්වීමක් දැකිය හැකිය. තවද මෙලෙස පෝෂණ ඌණතා වලට ලක් වන පුද්ගලයන්ගේ මානසික හා අධ්‍යාත්මික සෞඛ්‍ය තත්වයන් යහපත්ව පවත්වා ගත නොහැකි වේ.

පෝෂණ ඌණතා පවතින ගර්භණී මව්වරුන්ට ලැබෙන දරුවන්ගේ ප්‍ර‍තිශක්තිකරණ තත්වයන් අඩු වීමෙන් එම දරුවන් විවිධ රෝගාබාධ වලට ලක් වීමේ ප්‍ර‍වනතාවයද වැඩි වේ. තවද මෙවැනි දරුවන්ගේ කායික හා මානසික දුබලතාවයට ලක්වීමද දැකිය හැකි වේ. එබැවින් නීරෝගීව ජීවත්වීම සදහා නිසි පෝෂණය ලබා ගැනීම ඉතා වැදගත් වේ.

(ආර්.වයි.කේ. ගුරුසිංහ ආරච්චි)
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
නාගොඩ.

ප්‍රභාෂ්වර

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *