Anura Shantha

ඉතින් කොහොමද ජීවිතේ | Anura Shantha

” ජයහඬ ” රේඩියෝ අපි ” ඉතින් කොහොමද ජීවිතේ ” කියා අහන්නට කලාකෙතෙහි වැජඹෙන සහෘදයින් සොයා යන ගමනේදී හමුවුනා කලාකාමී චරිතයක් …

පිවිසුණා අපි කතාබහ කරන්නට..

📻 ඉතින් කොහොමද ජීවිතේ…

ලැබෙන හැමදෙයක්ම සම සිතින් ඉවසන නිසා දුකත් සතුටත් මට සමයි.

📻 අපි කැමතියි මුලින්ම ඔබ ගැන දැනගන්න …

ඔව්… මම අනුර ශාන්ත මැලෑගොඩ
මාතර දිස්ත්‍රික්කයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ කැකුණහේන ගමේ ඉපදිලා මොරවක කනිටු විදුහලින් මුලික අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සදහා මාර මොරවක කීර්ති අබේවික්‍රම ජතික පාසලින් වැඩිදුර අධ්‍යාපනය ලැබුවා..

📻 ඔබගේ පිවිසීම කොයි ආකාරයෙන්ද මේ කලාව පැත්තට …..

මගේ පලමු නව කතාව සදලිගේ කතාව පොතක් ලෙස ද
තිමිර පටල නවකතාව ද අත්වාරුව නවකතාව ද සත්පතිනි බෞද්ධ කෘතියද ලියා පල කරනු ලැබුවා..

WhatsApp Image 2022 09 21 at 6.26.02 PM

📻 එතැනින් එහාටත් තව යමක් ඇත්ද කලාව පැත්තෙන් ..

ඔව් ඇත්තෙන්ම වංගීස කතා පුවත විරිදු CD පිටපත ද නගරයට යන්න බෑ වේදිකා නාට්‍ය ද බෝඩිං කාමරේ වේදිකා නාට්‍ය ද මගේ නිර්මාණ වේ.

📻 අපි අහන්න කැමතියි මෙහෙම .. ඔබ දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් යම් සම්මානවලට ප්‍රාප්ත වූවාද කියා ..

ඔව්….. ඇත්තෙන්ම මම දේශාභිමානී පුත්‍ර ,දේශකීර්ති,දේශබන්දු ,සාම ශ්‍රී කලා කීර්ති,ජන ප්‍රසාදනී ගෞරව නාමයන් ලබා තියෙනවා …

📻 මේවනවිට ශ්‍රී ලාංකික සමාජයට කෙරෙන මෙහෙවර ගැන ඇසුවොත් ..

ඔව් ..මම සිරිසිදුහත් ධම් පාසලේ ආචාර්ය වරයෙකු ..සෙනෙහස මිතුරු සමාජයේ ලේකම්,සවිය කලා සංසදයේ සභාපති ,අරුණ එළිය සමාජ සත්කාර පදනමේ උපදේශක .යනතනතුරු මේ වන විට දරනවා..
රැකියාව ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සේවය කරනවා..

📻 ඔබ දකිනවාද වර්තමානයේ මේ වාතාවරණය මැද කලාවේ යම් පසුබෑමක් එහෙම ..

අනිවාර්යයෙන් ම ඔව් ..කලාවේ පසු බෑමක් තියෙනවා …මේ කාලයේ තියෙන සමාජ ආර්ථික ක්‍රම වේදය නිසා අපි නියෝජනය කරන ලේඛන කලාව ගත්විට පොතක් කරන්න අමාරුයි .කඩදාසි තීන්ත අධික මිල ප්‍රකාශකයාට සේම ලේඛකයාට ද එකසේ බලපානවා.ඒ නිස ප්‍රකාශයා ලේඛකයාගේ පොතක් කරන්න බාර ගන්නේ නෑ…..

📻 ආධුනික ලේඛකයන්ට යම් පනිවිඩයක් දුන්නොත් ..

ඇත්තෙන්ම …ආධුනික ලේඛකයෙක් නම් අනිවාර්යෙන්ම පොත් කියවන්න ඕන ….සමාජය දිහා උඩ ඉදන් බලන්න ඕන …එතකොට ඔක්කොම හරියට පේනවා ….පක්ෂක්ග්‍රාහී නොවී සම් සිතින් ප්‍රශ්න දිහ බලන්නත් විසදුම් හොයන්නත් ඒක වටිනවා.ඒ වගේම ඇහුම්කන් දීමද වැදගත්..

📻 කොහොමද පවුලේ තොරතුරු එහෙම . කලාවට සම්බන්ධ ඇති….

අයියලා 2 අම්මයි තාත්තයි.කලාවට සම්බන්ධ කවුරුත් නැති උනාට හොඳ රසස්වාදයක් එයාලට තියෙනවා…..

📻 මේ දවස්වල කොහොමද අළුත් කලා කටයුතු එහෙම …

ඔව්.. මගේ අලුත්ම නවකතාව මේ දිනවල මුද්‍රණයේ මුලික කටයුතු වල පවතින්නේ .
ඒ සමඟම තවත් පොතක් ලියාගෙන යනවා . ඊට අමතරව ගීත රචනා කිහිපයක් ද රචනා කරමින් ඉන්නවා…..

📻 සමාජ කටයුතු කලා කටයුතු
රැකියාව සමබර ලෙස කරගෙන යාමට කාලය කලමනාකරණය කර ගන්නෙ කොහොමද ..?
මං එහෙම ඇහැව්වේ බොහොම දෙනෙක් කියන්නෙ කාලය මදි කියන කාරණාව නිසා…

ඇත්තෙන්ම මම රැකියාව කරන්නේ ගමෙන් බොහෝ දුර ප්‍රදේශයක. ඒ නිසා නිවාඩු දවස් වලට සමාජ කටයුතුවල නිරත වෙනවා.රැකියාව නිසා අන් අයගෙ කලා කටයුතු වලටසම්බන්ධ වීම නම් ඉතාම අඩුයි .නමුත් සෑම විටම ඒ අන් අයගේ කලා කටයුතුවලට කටයුතු වලට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.නිවාඩුවක් ලද හැම වෙලාවකම මගේ ලේඛන කටයුතුවලට මං වෙලාවක් වෙන්කර ගන්නවා….

📻 අන්තර්ජාලය සමඟ ඔබේ සබැඳියාව කොහොමද ..
මේ තුල ඔබේ සමාජ සහ කලා කටයුතු වලට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද….

ඒ ගැන කිව්වොත් …..මම සමාජ ජාලා නිරන්තරයෙන්ම සැරිසරන කෙනෙක් මගේ ගමනට ලොකු හයියක් වෙනවා සමාජ ජාලා .අපි පරිහරණය කරන ක්‍රමය අනුව තමයිසමාජ ජාලා අපට අපට බලපෑම් කරන්නේ .ඉඩක් ලද විටක මුහුණු පොතට යෑම මගේ සිරිතක්.නමුත් මගේ ලේඛන කටයුතු කටයුතුවලට අවශ්‍ය දෑමුහුණු පොත තුලින් සොයා ගැනීම මට හරිම පහසුයි…..වර්තමානයේ සමාජ ජාලා පාඨක පිරිසක් මගේ නිර්මාණ වටා බිහි වී තිබෙනවා.එය කලාකරුවෙක් හැටියට හොඳ ලකුණක් .ඒ වගේම තව තවත් අය මෙම නිර්මාණ කර යෙදෙන්නට ආසාවක් ඇති දක්ෂතාවයක් ඇති අයට මෙම සමාජ ජාලා මගින් අපිට කළ හැකියි….

📻 අවසාන වශයෙන් ඔබට මෙතෙක් ආ ගමනට ස්තුති කරන්නට පිරිසක් ඇත්නම්….

නම් වශයෙන් කියන්න ගියොත් මේ කලා ගමනේ ලොකු පිරිසක් ඉන්නවා මට.එදා මෙදා තුර මේ කලා ගමනට වචනයකින් හරි උදව් කල සැමට තුති.
ඒ සමඟම ජය හඬ නාලිකාව ට මගේ ප්‍රණාමය……..
ගොඩක්ම ස්තූතියි මාව සම්බන්ධ කර ගත්තට.තෙරුවන් සරණයි .දිඝාසිරි ලැබේවා .

📻 ඉතින් ජයහඬ අපිත් ඔබට ආයුබෝවන් කියා ආසිරි පතනවා …” ස්තුතියි “

Bandara rajapakasha
සම්පාදනය : බංඩාර රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *