ජීවිතේ කවියක්.., හැබැයි පදවැල් ගැලපුනොත්. | Life

ජීවිතේ කවියක් .හැබැයි පදවැල් ගැලපුනොත්.
හැඟීම් පිවිතුරුනම්,බැඳීම් මියෙන තුරාමයි.

මිනිසාගේ පරම සතුරා ඔහුගේ සිතුවිලිය .
හිතන්නෙ නැතිව කතා කිරීම ඉලක්කයක් නැතිව විදින්නා වගේ.
වචන දිය බුබුළු වගේ.වැඩ රත්තරන් වගේ.
රටක් ආගමක් ගැන හිතන සුධීමත් මිනිසුන් සෙවීම නම් කළුනික සෙවීම වගේ.
මඩේ වැටීම අවනම්බුවක් නොවේ.ගොඩ නොඒමයි අවනම්බුව .
රත්තරං ආසනයේ ඉන්දුවත් ගෙම්බා පනින්නෙ වතුරට .
මැරුණට පස්සෙ හොඳ නම අහන්න තිබුන තෘෂ්ණාව නිසා
තමා පෙර රජවරු වැව් බැන්දෙ.දාගැබ් හැදුවෙ.
කාර්‍ය්ශීලී තැනත්තාට අද හතක් ඇත.කම්මැලියායට හෙට හතක් ඇත .
මුහුණේ සිනාවක් නැත්නම් වයාපාරයක් නම් අරඹන්න එපා.
මී මැස්සො නැත්නම් , මල් නැත්නම් මෙලොව පැවත්මකුත් නෑ.
ඇවිද්ද පය දහස් වටී.
ජීවිතේ දෙස නිහතමානීව ආපසු හැරී බැලිය යුත්තේ පාඩමක් ලෙසිනි .
චින්තනය ලොව ඇති අපහසු ම දේ බව බොහෝ දෙනා නොදනිති.
ඔබට අත්‍යන්තයෙන්ම සොඳුරු ආනන්දනීය දිනක් ප්‍රාර්ථනා කරමි.
ශීත මකරන්දයේ ඉහල ඇදෙන අරවින්දයක් මෙන් ඔබේ දිවිය ආලෝකවත් වේ.

palitha disanayaka
පාලිත දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *