ඉතින් කොහොමද ජීවිතේ…. | Ruwan Rathnayaka
( “මම වැඩිපුරම කැමති කවියට ,ඒ නිසාම මම පැසුණු වී කරලක් කියන මගෙ කවි ඇතුළත් පළමු කාව්‍ය සංග්‍රහය 2022 වසරේ මාර්තු එළිදක්වනවා එයට සමගාමීව සංවිධානය කරපු තවත් දැවැන්ත වැඩක් සමඟම…RUWAN RATHNAYAKA )
ජීවිතය වර්ණ ගැන්වෙන්නේ ආදරය සෙනෙහස සමඟ මුසු වුන සෞන්දර්යාත්මක හැකියාවන් රටා මවන විටය….එය සිනහව…ජය සතුට වගේම කඳුලද පැරදුමද දුකවේදනාවද සිතුවම් කරමින් සිය ජීවන චාරිකාවේ ගමන් කරයි..සාමාන්‍ය පුද්ගල චරිතයකට වඩා කලාකරුවා..කලාකාරිය සුවිශේෂි වන්නේ ඔවුන් සිය ජීවන භූමිකාවෙන් පරිබාහිරව ඉහත කී සියලු සංසිද්ධීන් කලාව නැමැති පින්තාරුවෙන් අපූරුවට සිත්තම් කරමින් ලෝකයට තිළින කරන අපූරු සොඳුරු සිත් ඇත්තවුන් නිසාමය…එවන් වූ හෘද්‍යාංගම මිනිසුන් සොයා යන ගමනක ..සමාරම්භය…
කවියෙකු..ගී පද රචකයෙකු..නිවේදකයෙකු..වැඩ සටහන් සම්පාදකවරයෙකු සහ නිශ්පාදන කටයුත්තක ප්‍රධානියෙකු ලෙස විවිධ භූමිකාවන් ඔස්සේ සිය කලා කටයුතු කරගෙන යන නිහතමානි සොඳුරු සිතක් ඇති කලාකරුවෙක් වූ
රුවන් රත්නායක මහත්මාණෙනි “ඉතින් කොහොමද ජීවිතේ”
ඇත්තටම හොඳින් හැබැයි මේ දිනවල නම් ටිකක් කාර්ය බහුල වෙලා. කවිය, ගීතය ,ඒ කලාවන් දෙකට අමතරව ගුවන් විදුලි සංස්ථාවේ දරුවන්ට සරු වදන් වැඩසටහන මෙන්ම මගේ RR production නාලිකාවේ වැඩසටහන් එක්ක කාලය ගෙවනවා .ඊට අමතරව පින්න ප්‍රඩක්ෂන් හරහා සියහඬ රේඩියෝවට සතිපතා ලබාදෙන ගුවන් විදුලි නාට්‍ය කතාංග මාලාවේ හඬ කැවිම් වැඩත් y වෛර්ණ සඟරාව වෙනුවෙන් දේශපාලන පිටුවත් කරගෙන යන නිසා තරමක් කාර්ය බහුල වෙලා කිව්වොත් නිවැරැදියි..
📻 කොහොමද ඇත්තටම ඔබ කලාවට යොමු වන්නේ
මම පුංචි කාලේ ඉදන්ම කවියට කැමති ඒ නිසාම දහම් පාසල තුලත් පාසල තුලත් කවියට ඇති කැමැත්ත නිසාම පද්‍ය ගායනා ජන ගායනා වලින් දිස්ත්‍රික් මටිටමින් සහ සමස්ථ ලංකා මටිටමින් ජයග්‍රහණ පවා ලබාගන්නව
පාසල් අධ්‍යාපනයෙන් පසු මම රුකියාව හැටියට තෝරා ගන්නේ නාවික හමුදාව ඒක හිතේ තිබුණ තවත් ආශාවක් 2000 වසරෙදී තමයි මම නාවික හමුදාවට එකතු වෙන්නේ ,ඒ පුහුණු විම් අතර තුර මම නාවික හමුදා පුහුණු නිළධාරි තුමාගේ ඉල්ලීමක් මත යුධබිය නිසා අසරණ වූ දරුවෝ කියලා කැසට් එකක් කරනවා ,ඒ තමයි මගෙ දෙවන කලා නිර්මාණය ඒකට ඉහලින් ආව නියෝගයක් මත නාවික හමුදා කඳවුරට ඒ කැසට් පටිය ගැනිම සහ බෙදා හැරිම තහනම් කරනවා හේතුව මම අදටත් හරියටම දන්නේ නෑ, මම ඒ කැසට් එක කරන්නේ ඇත්තටම ඉඩමක් උඟසට තියලා ඒ මුදලවත් මට අවසානේ ලබා ගන්න විදිහක් නැතිව ඒක සින්න වෙනවා ,නැවත ඒ කැසට් ටික මම ගන්න යන්නේ නෑ ඒක බූස්ස නාවික කඳවුර අසල නිවසක තියෙද්දි මම කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අනුයුක්ත වෙලා පිටත්ව යනවා ඇත්තටම ඒ සිදුවන කලකිරීම නිසාම මම කවිය කියන දෙය දිහා වසර ගණනාවක් යන තුරු නැවත හැරිලවත් බලන්නේ නෑ .ඒ තරමටම මට ඒක එපාවුනු විෂයක් වුණා ,නැවත මම කවියට පණ දෙන්නේ මුහුණු පොත හරහා ඒ ආසිරිගේ කව්රෑන කියන සමුහයට එකතු වෙලා, එතනදි මට කවියට ලැබැදි බොහෝ අය හමුවෙනවා සංජිමා සුදේශ්ණී රාජපක්ෂ මහත්මිය තමයි එතනින් මම ඉහළ තැනක් දක්වා රැගෙන යන්නේ. ඇය තමයි ඇත්තටම මට ලංකාවේ සුප්‍රසිද්ධ චරිත සියල්ල හඳුන්වා දී කවිය කියන විෂයට නැවත පණ දෙන තැනට තල්ලු කරන්නේ .
📻 කවිය සහ ගීතය මේ දෙකෙන් කුමකටද ඔබ වැඩිපුරම කැමැති ,
“මම වැඩිපුරම කැමති කවියට ,ඒ නිසාම මම පැසුණු වී කරලක් කියන මගෙ කවි ඇතුළත් පළමු කාව්‍ය සංග්‍රහය 2022 වසරේ මාර්තු එළිදක්වනවා එයට සමගාමීව සංවිධානය කරපු තවත් දැවැන්ත වැඩක් සමඟම.
ඒ තමයි නූතන පරපුර නියෝජනය කරන දක්ෂ කෙටිචිත්රපට අධ්‍යක්ෂක වරයකු සහ කෙටි තිරපිටපත් රචකයයකු වන බුද්ධික පින්නදුව සමඟ එකතු වෙලා දැවැන්ත සම්මාන උලෙළක් සංවිධානය කිරීම ඔහු පින්න මාධ්‍ය ජාලය හරහාත් මම මගෙ මාධ්‍ය ජාලය වන RR PRODUCTION ඒකාබද්ධ කොට පිණි- රූ නමින් අපේ පළමු සම්මාන උලෙළ පැවැත්වීම ,ඒ පිටුපසත් දැවැන්තම ශක්තිය සංජිමා සුදේශ්ණී රාජපක්ෂ. මෙහි සාර්ථකත්වය අපි තුන්දෙනාගේ එකමුතුකම ,සාමූහිකත්වය,ඇහුම්කන් දීම , නිවැරදිම තීරණ එකට ගැනීම කිව්වොත් එතැන ඇත්තටම නිවැරැදියි .
එහිදී නූතන පරපුර නියෝජනය කරන දක්ෂ කෙටි තිරපිට පත් රචකයින්ගේ නොමියෙන පිණිකැට කෙටිකතා සංග්‍රහය සහ පැසුණු වී කරලක් මගෙ කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීම සිදුවුණා ,
📻 ගී පද රචනය ගැන කතා කලොත් …
“”‘ගීපද රචනයට ඇත්තටම මම පෙලඹෙන්නේ මෑතක මම 2016 වසරේ ලියු එක පද පෙලක් මුහුණු පොතට මුදා හැරියා ඒ කැළණි වෙහෙර නමින් මේක දැකපු එංගලන්තයේ පදිංචි දයාබර හිතවතියක් වන ලක්මි ප්‍රභා රත්නායක තමයි මේ පද රචනාව ගීතයක් කරන්න තැනට වැඩකටයුතු කලේ , ඇය මේ පද වැල ඕස්ට්‍රෙිලියාවේ පදිංචි නලින් ජයවර්ධන මහතාට යොමු කරල තිබුණා. නලින් ජයවර්ධන කියන්නේ ඇත්තටම නුතන පරපුර නියෝජනය කරන නවක නිර්මාණ කරුවන්ට තෝතැන්නක් ලබාදුන් අතිවිශිෂඨ ගණයේ සංගීත ශිල්පියෙක් ඔහු තමයි මගෙ පදවැල පලමු වතාවට ගීතයක් බවට පත්කලේ ,එතැනින් තමයි මම ගීත කලාවට පිවිසෙන්නේ, දෙවැනි ගීතය මගෙ දියණිය වැඩිවියට පත්වීම වෙනුවෙන් ලියවුණු ගීතය ඒක ඇත්තටම 2018 වසරේ අමිල ටැලන්ට් සාහිත්‍ය සමිමාන උළෙලේ හොදම ගීත අතරට නිර්දේශ වී සම්මාන ලබා ගැනීම මත තවත් ගීත කීපයක්ම නිර්මාණය වුණා. ඒ අතරින් විශාරද රෝහණ බෝගොඩ මහතා ගායනා කරන කසාවතින් ගීතයත් මේ වනවිට ගුවන් විදුලියේ සහ ජාතික තලයේ රූපවාහිනී නාලිකා තුල විකාශනය විම මා ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් ලෙස සඳහන් කරන්න පුළුවනි..
📻 තවත් ගීත ඉදිරියේදී කලඑළි බහින්න සූදානම් වී තියෙනවාද …
මේ වන වට ගීත නවයකට ආසන්න ප්‍රමාණයක් ජනගත කර ඇති අතර තවත් ගීත කිහිපයක් ජනගත කිරිමට වැඩකටයුතු සැකසෙම්න් පවතී.
*කැලණි වෙහෙර – නලින් ජයවර්ධන
*රන් සමණලියේ-ඩිලාන් අමරවංශ
*ආදරයේ සතුට අනෝමා ප්‍රියදර්ශනී
*කසාවතින් ,විශාරද රෝහණ බෝගොඩ
*අහෝ දෙවියනේ -විශාරද නාලක අංජන කුමාර
*කදුලකට ඉඩ දී -ෂලනි මුතුගල
*අංගනාවියේ -විශාරද සරත් ඕවිටිගල
*සන්තකය අන්සතු වෙලා -විශාරද රෝහණ බෝගොඩ
මේ ගීත මේ වනවිට බොහෝදෙනා අතර ජනප්‍රිය ගිත බවට පත්ව තිබීම නිසා තව බොහෝ නිර්මාණ බිහිවිමට ඇති ඉඩකඩ බොහෝය..
📻 නිවේදනයට පිවිසෙන්නේ කොයි කාලවකවානුව තුලද..
“”””ඇත්තටම නිවේදන භූමිකාවත් පෞද්ගලිකව මම කැමතිම විෂයක් පලමු වතාවට මම ගුවන් තරංග ඔස්සේ විකාශනය වන වැඩසටහනකට මුල පුරන්නේ තානායම්පල රේඩියෝ එක හරහා ඒක මට හදුන්වා දෙන්නෙත් සංජිමා සුදේශ්ණී රාජපක්ෂ මහත්මියයි. ඒ හරහා මම අත්දැකීම් රාශියක් එකතු කර ගත්තා එහි නියාමක මාධ්‍යවේදී චාමින්ද දිසානායකයන්ටත් එහි සභාපතිත්වය දැරූ එරින් ප්‍රනාන්දු මහත්මියත් ක්‍රියාකාරී සාමාජිකාවක වන චතුරිකා සෙව්වන්දි මහත්මියත් මගෙ නිවේදක සිහිනය සැබෑ කරන්න උරදුන් පලමු සමාජික සමාජිකාවන්, ඒ විතරක් නෙමෙයි නිවේදකයකු හැටියට මම 2017 වසරේදී අමිල ටැලන්ට් සාහිත්‍ය සමිමාන උළෙලේ නිර්දේශිත සම්මාන ලාභියෙක් විමද තානායම් පල වැඩසටහනක් එම සම්මාන උළෙලේ හොඳම වැඩසටහනක් බවට පරිවර්ථනය වීමද ඉන්දික කළුආරච්චි සමඟ එකම වෙිදිකාවක සම්මාන ලැබීමද නිවේදකයකු ලෙස මේ ගමන ශක්තිමත් කිරිමට ඉවහල් වුණබව සඳහන් කල යුතුයි,…
මේ වනවිටද සියහඬ රේඩියෝ වැඩසටහන් සම්පාදක වරයකු සේම සම්බන්ධීකරණය කරන වැඩසටහන් නිෂ්පාදකයකු විමත් ,වසර හයකට ආසන්න කාලයක් තුළ වැඩිම වැඩසටහන් ලබාදෙමින් පින්න ප්‍රඩක්ෂන් මාධ්‍ය ජාලය හරහා හඬ කවන ලද ගුවන් විදුලි නාට්‍ය කතාංගය සම්බන්ධීකරණය කරමින් එහි නිත්‍ය හඬ කැවීම් ශිල්පියෙකු ලෙස එකතු වෙමින් සිටි මට ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හරහා විකාශය කරන දරුවන්ට සරු වදන් වැඩසටහන මෙහෙය වන්නට අවස්ථාවක් ලැබුණි ඒ ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදිකාවක වන ප්‍රවීණ නිවේදිකා සුමනා අබේසිංහ මහත්මියගේ අනුදැනුම මතින් විම නිසා තව තවත් මගෙ නිවේදන සිහිනය යතාර්ථයක් බවට පත්විය,
එතුමිය වැනි ප්‍රවිනයකු ගුරුවරයකු නොසිටි මගෙ ඒ ගමන දැවැන්ත ලෙස ශක්තිමත් කරන්නට සවිමත් අඩිතාලමක් ලබාදිමම මා ලද භාග්‍යයක් කොට සලකම් ..
📻 කවිය , ගීතය, නිවේදනය යන මේ විෂයන් තුනට අමතරව තවත් මොනවද කරන වැඩකටයුතු
“”‘ඇත්තටම පහුගිය කාලේ පුරාවට නම් ලංකාවේ අහිංසක දුගී පවුල් වෙනුවෙන් නිවෙස් හදාදෙන වැඩපිළිවෙළක් සහ SL RR PRODUCTION මාධ්‍ය ජාලය හරහා රෝදපුටු වියලි සලාක ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කලා දැන් තරමක් රටේ ආර්ථිකය බිඳවැටීම මත ඒ දේවල් නතර වෙලා ,ඊට අමතරව මම මගෙ පෞද්ගලික නාලිකාව හරහා නවක පරපුර වගේම ප්‍රවීණයන් සම්බන්ධ කරගෙන interview වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. වැඩිපුරම කවියට ගීතයට තමයි එහි ඉඩකඩ වෙන් වෙන්නේ. ඊට අමතරව දේශපාලනික වැඩසටහන්ද සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම ක්‍රියාත්මක කරනවා ,පත්තර වලට වගේම සඟරා වලට ලිපි ලිවීමත් ,පොත් කිපයක වැඩකටයුතුත් ඒ අතරමැද ක්‍රියාත්මක වෙනවා,
📻 අද රටේ වාතාවරණය එක්ක කලා ක්ෂේත්රය ගැන අනාගතය කොහොම වෙයි ද කියා යමක් පැවසුවොත් ……
අද රටේ පවතින වාතාවරණයක් එක්ක ආර්ථිකයමය වශයෙන් කලාව පසුබෑමකට ලක්වෙලා ඒකට නිදසුනක් ගතහොත් අද ගීත නිර්මාණයක් කරන නිර්මාණ කරුවෙකු පුදුම විදියට අසරණ වෙලා ඒ යන වියදම් ඔවුන්ට දරා ගන්න බැරි තැනට පත්වෙලා පොතක් මුද්‍රණය කිරිම සිහිනයක් බවටම පරිවර්තනය වෙලා එහෙම කාල වකවානුව නූතන පරපුරේ ඉදිරි කලා ගමන ගැන නිර්මාණ කරුවෙකු හැටියට මට පෞද්ගලිකව තියෙන්නෙ ප්‍රහෙලිකාවක් විතරයි මේ දේවල් ඉදිරියට කුමන ආකාරයට විසඳෙයිද කියලා ,
ඇත්තටම නූතන පරපුර හරිම දක්ෂයි මේ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ ආව දවසක අදට වඩා සොදුරු අපූර්වාත්මක නිර්මාණ තව තවත් ඉදිරියට බිහිවෙයි කියල මට විශ්වාසයක් තියෙනවා ,
📻 මොනවද ඉදිරියට කලාව පැත්තෙන් වන වැඩකටයුතු
“””දැනට 2023 පිනි-රූ සාහිත්‍ය සමිමාන උළෙල වෙනුවෙන් වැඩකටයුතු කරගෙන යනවා මමත් එහි නිත්‍ය සමාජික බුද්ධික පින්නදුව මහතාත් සංජිමා සුදේශ්ණී රාජපක්ෂ මහත්මියත් සමග ඊට සමගාමීව මගෙ ගීත දහයක් ඇතුලත් නව CD පටයේ වැඩකටයුතු සහ දේශපාලනය සම්බන්ධ පොතක් ,නවකතාව හැටියට සාගරි කියන පොතෙත් වැඩකටයුතු කරගෙන යනවා ඉදිරියට වැඩකටයුතු රාශියක් තියෙනවා ඇත්තටම වැඩ ඉවර කරන්න.
අද ඔක්තෝම්බර් 10 වෙනිදා…ඔබේ උපන් දිනය….නිදුකින් නිරෝගිව දිගුකල් යෙහෙන් වැජඹේවා….වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා කියල ජයහඬ අපි හෘද්‍යාංගම සුබ පැතුම් ගෙන එනවා.. ….කිත් යසස් බෝවා..ජයෙන් ජයම වේවා…!
බොහොමත්ම ස්තුතියි රුවන් රත්නායක මහත්මයාණෙනි…ඔබේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම කලා කටයුතුද සමබරව කරගෙන යන්නට ශක්තිය ලැබේවා..!
බොහොම ස්තුතියි ඔබටත් සරත් බණ්ඩාර මහත්මයා
ඇත්තටම ඔබ ජීවිතයේ වැපිරූ අස්වැන්න නෙලමින් ඉන්නවා . සරු බීජ දෙන්නේ හොඳ අස්වනු. ඉතිං ඔබට අහේනියක් ඒවිද, අටු කොටු පිරී නම්, සුබ අනාගතයක් මල්ලී ඔයාට.
ඒවගේම සුබම සුබ උපන් දිනක් වේවා ❤️
ඉදිරි වැඩ කටයුතු සාර්තකව කරගැනීමට ඉඩ පහසුකම් ලැබේවා කියා පතනවා. ජයවේවා !!
බොහෝමත්ම ස්තුතියි ආදරණියම නලින් ජයවර්ධන අයියා ඔබ නවක නනිර්මාණකරුවා වෙනුවෙන් ලබාදෙන නිර්ලෝභී ශක්තියට 🙏
බොහෝමත්ම ස්තුතියි ආදරණියම අක්කේ ඒ නිහතමානි ලෙන්ගතු ආශිර්වාදයට ඒක ඇත්තටම නව නිර්මාණ කරුවෙකුට ලොකු උත්තේජනයක් ..