nmnmnmmmmm

“යකාගෙ ඉස්කෝලෙ”….උදේනි ගලහිටියාව….

” ජයහඬ ” පොතක වත අතිරේකය තුලින් අපේම සහෘද ලේඛකයෙක් වූ උදේනි ගලහිටියාවයන් ගේ
” යකාගේ ඉස්කෝලේ “
නම්වූ ග්‍රන්ථය පිළිබඳව ‍ඔහු මා වෙත කියූ රසවත් කතාවයි මේ…

📻
ලඟදි දොරට වැඩිය මේ “යකාගෙ ඉස්කෝලෙ ” පොත ගැන පොඩි හැඳින්වීමක් කලොත් උදේනි මහත්මයා.

WhatsApp Image 2024 05 07 at 07.35.50 49c72e05

පි/-ඇත්තටම බණ්ඩාර මහත්මය…ජපානයේ මාස 16 ක් තුල පිටපත් ලක්ෂ 50 ක් අලෙවිවූ ළමා පොතක් තමා ජපන් ජාතික ටෙට්සූකෝ කුරොයානිගේ “Totto chung: The little girl at the window” කියන්නෙ. ඒක ලෝකෙ බොහෝ රටවල විවිධ භාෂාවන්ට පරිවර්තනයවුනා.”හරි පුදුම ඉස්කෝලෙ ” නමින් ඒ පොත සිංහලට පරිවර්තනය කලේ ලීලානන්ද ගමාච්චි කියන අධ්‍යාපන අධ්‍යක්ෂක වරෙයෙක්.ඒකෙ අනුවර්තනයක් විදිහටයි මම “යකාගෙ ඉස්කෝලෙ “ලිව්වෙ.

📻
කොහොමද ඒකෙ ආරම්භය ගැන කිව්වොත්..

ඇත්තටම 2014 තමා “හරි පුදුම ඉස්කෝලෙ ” කියන පොත කොටස් වශයෙන් ගුවන් විදුලි නාට්‍යකට ලියන්න කියල හිටපු අධ්‍යක්ෂිකා සුමනා ජයතිලක මහත්මිය මට ආරාධනා කලේ.

📻
ඒ 2014 වසරේ .ඒ මීට දස වසරකට පෙර..

ඔව්.. ඒ අනුව වසරක් පුරා කොටස් වශයෙන් ගුවන් විදුලියට ලිව්වට පස්සෙ මට රූපවාහිනියෙන් ආරාධනයක් ලැබුනා ඒක කොටස් වශයෙන් යන රූපවාහිනී ළමා නාට්‍යයකට ලියන්න කියල. මම රූපවාහිනයට ලියල දුන්නම ඉතා සාර්ථකයි කියල භාර ගත්තට ආරම්භයේ ලොකු ප්‍රමාදයක් දැක්ක නිසා ඒ අයගෙ අනුමැතිය ඇතුවම ඒ පිටපත් ස්වාධීන රූපවාහිනී සේවයටත් භාර දුන්නා. නමුත් 2015 ඉඳන් 2023 වෙනතුරු වසර 08 ක් මාධ්‍ය දෙකේම කරමු..කරමු… කිව්වට කෙරුණෙ නෑ.
📻
වසර 08 ක් පුරාවට නොකරන්න හේතුව කුමක්ද කියල ඔබ විමසුවෙ නැද්ද..

පිලිතුරවුනේ මේකයි බණ්ඩාර මහත්මයා. මේ ජාතික රූපවාහිනියෙ අධ්‍යාපන/ළමා අංශ අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන් මහත්මියගේ පිලිතුර. “අපි හුඟක් උත්සාහ කලා මේක ළමා ටෙලිනාට්‍යයක් විදිහට කරන්න. ඇත්තටම ටී.බී. ඉලංගරත්න මහතාගේ” අඹ යහලුවෝ” පොතෙන් පස්සෙ මම කියවපු හොඳම පොත මේකයි උදේනි. මම පද්මසිරි ප්‍රනාන්දු ..ළමා අංශ ප්‍රධානිත් එකක් රූපගත කරන්න ලොකේෂන් පවා බැලුව. නමුත් ගැටලුව මේකයි. මේකෙ ජපන් කතුවරිය පොතේම සඳහන් කරල තියෙනව මේ කතාව ලෝකයේ ඕනෙම රටක ශ්‍රවණ මාධ්‍යයට(ගුවන් විදුලියට) අවසර ඇතත් දෘෂ්‍ය මාධ්‍යයෙන් (රූපවාහිනී සේවාවන්ගෙන්) ඉදිරිපත් කිරීම සපුරා තහනම් කියල. ඒකයි තියෙන ප්‍රශ්ණෙ “කියල.
📻
ඉතින් ස්වාධීන රූපවාහිනී සේවාව මොකද කියන්නෙ..?

එයාල කියන්නෙත් ඒකමයි. බැරිවෙලාවත් අපි විකාශය කලොත් ජපන් කතුවරිය නැතත් ජීවත්ව ඉන්න එයාගෙ පැවරුම්ලාභියට පුළුවන්ලු අපට එරෙහිව නීතිමය කටයුතු කරන්න.

📻
ඉතින් 08 වසරක් උත්සාහ කරලත් ඒකට වෙන විකල්පයක් ඔබතුමා හොයල බැලුවෙ නැද්ද..?.

බැලුව බණ්ඩාර මහත්මය.මම මගෙ ඉතාම හිතවත් ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම එක්ක මේ ගැටලුව කතා කලාම එයා කිව්වා…” එහෙම කොහොමද..? ඕවට ක්‍රම සහ විධි තියෙනවා උදේනි අයියා.අපි යමු “දෙරණේ ” විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහත්තය හමුවෙන්න.

📻
වැඩේ අත්ඇරිය නෑ උදේනි මහත්මයා.

ඇත්තෙන්ම බණ්ඩාර මහත්මය මම ලේසියෙන් කිසිම වැඩක් බැහැ කියල අත්හරින්නේ නෑ.

📻
පස්සේ බන්දුල සමන් වතුරේගම මහත්මය එක්ක “දෙරණේ ” ප්‍රධානී මාධව මඩවල මහත්මය හමුවුනා..?

ඔව් එතුමා හමුවෙලා අවරුදු 08ක් තිස්සේ මේ “හරි පුදුම ඉස්කෝලෙ” රූපවාහිනී නාට්‍යකට නගාගන්න කට්ට කාපු හැටි එතුමට කිව්වා. එතුමා හිනාවෙවී නිසංසලේ හොඳ..ට අහගෙන ඉඳලා මෙහෙම කිව්වා..

මාධව මහත්මය කියනව.. “ටෙට්සූකෝ කුරොයානිගේ ඔය පොතේ තියෙන්නේ ලෝකප්‍රකට ජපන් අධ්‍යාපනය විශේෂඥයෙකු වෙන සොසාකු කොබයාෂි වියතානන්ගේ
‘ලෝක ළමා අධ්‍යාපනය කෙසේ සකස් විය යුතු ද?’ යන්න පිළිබඳව කළ පර්යේෂණාත්මක විග්‍රහයක්. ඉතින් ඒ තේමාව ලෝකයටම පොදුයි.ඒකට තහංචි දාන්න කාටවත් බෑ. එතුමා කියන්නෙ ‘ළමයින්ගේ උතුම් බලාපොරොත්තු නොනසන්න.ඔවුන්ගේ සිහින ඔබගේ සිහින වලට වඩා විශාලයි’ කියන එකයි .එතකොට මම කිව්වා
“නමුත් මාධව මහත්මය ජපන් කතෘවරියම ඒ පොතේම සඳභන් කරල තියෙනවනෙ ලෝකයේ කිසිම රටක දෘෂ්‍ය මාධ්‍යකින් මෙය පෙන්නන්න අවසර දෙන්නේ නෑ “කියල .
“උදේනි …ඒ ජපන් කතාවේ ටොට්ටෝ චං/තායි චං/
මියෝ චංල පැත්තකට දාල ඒ තේමාව උඩ අපේ ළමයින්ගේ නම් ගම් දාල ඒ අයගෙ ශූර වීරකම්/එඩිතරකම්/බුද්ධිමත් බව තීව්‍ර වෙන විදිහට /ජාති ආගම් කුල භේදයෙන් තොර සාමකාමී සමාජයක් කියන පණිවිඩය ලෝකයාට දෙන්න..පුළුවන් තරම් අපේ දේශීය දේ අගය කරමින් ලස්සන කතාවක් නිර්මාණය කරන්න. එච්චරයි. අපිට එයාගෙ අවසරය අවශ්‍ය නෑ.ඒ තේමාවට තහංචි දාන්න කාටවත් බෑ. “
📻
එහෙම නව නිර්මාණයක් කලොත් අවුරුදු 08 ක මහන්සියෙ ප්‍රථිපලයක් ලැබෙයි කියල ඔබතුමා හිතුවද..?

ඇත්තවශයෙන්ම මාධව මහත්මය නිසා ලැබුන ඒ පන්නරයෙන් තමා මේ පොතට “යකාගෙ ඉස්කෝලෙ” කියන නම දාල අනුවර්තනයක් හැටියට කලේ.

WhatsApp Image 2024 05 07 at 07.35.50 725b55d6

📻
“යකාගෙ ඉස්කෝලෙ ” පිට කවරයේ පින්තූරය කිසියම් කුතුහලයක් දනවන නිර්මාණයක් .ඒ පිලිබඳව මොකද්ද ඔබේ අදහස..?

📻
ඇත්තවශයෙන් කතාවට සරිලන එක් සිද්ධියක් තමා නිර්මාණය කරල තියෙන්නෙ “මියුසස් “සමාගම හිමි කවීෂ නඳුන් කොග්ගොඩආරච්චි මහතා. මමත් අගය කලා පිටකවර නිර්මාණය ඇත්තෙන්ම කුතුහලය දනවන නිසාම සහ පොතේ මුද්‍රිත නිමාවත් හරි සිත්ගන්නාසුලු නිසාම…
📻
ඇත්තටම ඇයි මේ පොතට ” යකාගෙ ඉස්කෝලෙ”
කියල නම දැම්මෙ..?

📻
ඇත්තටම බණ්ඩාර මහත්මය මොක යකාගෙ ඉස්කෝලෙයක්මයි. මේ ඉස්කෝලෙ මුදල් ඉපැයීමම අරමුණු කරගත් ඉස්කෝලෙයක්.ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි.එයාලට අවශ්‍ය සල්ලි විතරයි.

📻
එතකොට මේ ඉස්කෝලෙ ටොට්ටෝ චංල/තායි චංචල / තායි චංල නෑ..?

නෑ.මේකෙ ඉන්නේ සඳළී කියන වළව්කාර ළමයෙක් එක්ක ඒ වතුයායේම පොල්කඩන දමිළ/මුස්ලිම් කුලීකරුවන් දෙන්නෙකුගෙ
ක්‍රිෂ්නා සහ නියාස් කියල නහට නාහන දරුවන් දෙන්නෙක්.
📻
මේ පොතේ හැටියට තුන්දෙනාම එකම පන්තියේ අනිත් ළමයි එක්ක නිරන්තර
අරගල කරනව. ඇයි ඒ..?

-බණ්ඩර මහත්මය.. 5-D කියන්නෙ.. හදන්ඩ බැරි අසංවරම යමර ළමයි ටිකක් මුදල් අපේක්ෂාවෙන්ම ගාල් කරගෙන ඉන්න පන්තියක්. ඒ අයගෙ තාත්තල සේරම කුඩු ව්‍යාපාර /හොර දැව/වැලි /පස් කපන හොර ජාවරම්/සංවිධානාත්මක අපරාධ/නීතිවිරෝධී ව්‍යාපාර කරන අය.මේ ළමයි දෙගොල්ල අතර නිතරම අරගල ඇතිවුනේ තාත්තලගෙ මුදල් බලය නිසා එයාලව යටත් කරගන්න මේ අය නිරන්තරව වෙර දරපු නිසා.

📻
ආ..හා… ඒ අරගලවල ප්‍රථිපලයක් තමා සඳළී/ක්‍රිෂ්නා/නියාස් ජාති භේදයෙන් තොරව එකාවන්ව සටන් කරල ඉහලම ආරක්ෂක නිලධාරින්ට ..එයාලගෙ තාත්තලගෙ නීතිවිරෝධී ජාවාරම් පිලිබඳව රහසිගත ඔත්තු සැපයුවෙ..?
අන්න හරි බණ්ඩාර මහත්මය. දෙගොල්ලන්ගෙම සටන් ගැටුම් මැද්දෙන්.. ඉතාම රහසිගතව තීක්ෂණ බුද්ධියෙන් ඔත්තු සපයල ඒ නීතිවිරෝධී ජාවාරම්කරුවන් නීතියේ රැහැණට හසුකර දීමේ ප්‍රථිපලයක් විදිහටයි ලංකාවෙ පමණක් නෙවේ ජාත්‍යන්තරයෙත් ළමා වීර සම්මානයන්ගෙන් පිදුම් ලැබුවේ. ඇත්තෙන්ම ජාති ආගම් භේදයෙන් තොරව මතින්/නීතිවිරෝධී ජාවාරම් වලින් තොර දේශයක් ගොඩනගන්නට ළමයින් දැරූ සාධාරණ උත්සාහය සහ සටන්කාමිත්වය තමයි ළමා සහ වැඩිහිටි පරපුරට පවා ගතහැකි ආදර්ශ කියල මම හිතන්නෙ.

📻
හොඳයි මෙපමණ වෙහසක් දැරූ මෙම කෘතියයට ඔබතුමන් ලැබූ අගැයීම් මොනවාද..?

එකක් තමා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කල පාසල් පුස්තකාල සහ මුද්‍රණ ආධාර අනුමැතිය ලැබීම. ඊළඟට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය /ජේෂ්ඨ මාධ්‍යවේදිනී හා ගුවන් විදුලි අධ්‍යක්ෂිකා සුමනා ජයතිලක /රූපවාහිනී අධ්‍යක්ෂිකා එරීන් විජේකෝන් /කුමාර අලගියවන්න වැනි ක්ෂේත්‍රයේ වියතුන්ගෙන් ලද ඉහලම විචාරයන්.

WhatsApp Image 2024 05 07 at 07.36.25 5d93968c

📻
ඔව්.. මම දැක්කා ඒ වියතුන්ගේ අගය කිරීම් මේ පොතේ සටහන් කරල තියෙනව. එතකොට දැන් අවශ්‍ය නම් මේ නිර්මාණය රූපවාහිනී තිරයේ දකින්නට කාගෙවත් තහංචියක් නෑ..?

ඒක තමා බණ්ඩාර මහත්මා වැදගත්ම ප්‍රශ්ණය. මාධව මහත්මාගේ මග පෙන්වීම මත නිර්මාණය වෙලා පාසල් පුස්තකාල/ මුද්‍රණ ආධාර අනුමැතිය ලැබිල මුද්‍රණය කල වහාම මුල් පිටපත පිරිනැමුවේ එතුමාට.

📻
එතුමාගේ උත්සාහය සාර්ථක වීමත් එතුමාටත් ලොකු සතුටක් ඇති..?

ඇත්තවශයෙන්ම ඒ නිසාම තමයි මාධව මහත්මය ප්‍රවීණ ටෙලිනාට්‍යය නිෂ්පාදක/අධ්‍යක්ෂක ජානක සිරිවර්ධන මහත්මාට භාරකලේ මේ “යකාගෙ ඉස්කෝලෙ ” නිර්මාණය ටෙලිනාට්‍යයක් සඳහා සුදුසු දැයි බලන්න කියා.

📻
ජානක සිරිවර්ධන මහතාගෙ නිර්දේශය..?

ඉතා ඉහලය. මේකෙ නිෂ්පාදනය/අධ්‍යක්ෂණය දෙකම මට කරන්න පුලුවන්.
“සිඳූ” නාට්‍ය කොටස් 100 ට අත්සන් කළ මම ඒකෙ කොටස් 3000 ක් අවසන්.මාධව මහතාගෙන් වෙලාවක් ලබා ගැනීම පමණයි අවශ්‍ය..

📻
ඔව් .. එහෙමනම් උදේනි ගලහිටියාව මහත්මාණෙනි , ඔබතුමාට කර්තව්‍යය ඉතාමත් හොඳින් සාර්ථක වේවා ‘යි කියා ” ජයහඬ ” අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

” යකාගේ ඉස්කෝලේ “
තොරතුරු හෙළිදරව් කල මා:

17188 675039109306376 1713553353599724694 n

බංඩාර රාජපක්ෂ .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *