111111111111111111111111

සොඳුරු බක් මහ සැණකෙළියක අසිරි

දිනය : අප්‍රියෙල් 09 දා
වෙලාව : ප.ව.2.00
ස්ථානය : කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානය .

සොඳුරු බක් මහ සැණකෙළියක අසිරි විඳගන්නට කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිළධාරි විපුලසිරි ජයරත්න මහත්මාගේ ගෞරවණීය ඇරයුම ලැබ සංකලන සඳැස් කවි සංසදය හා කැලණිය ජයහඬ සංස්කෘතික කලා සංසදය , ජයහඬ රේඩියෝ නියෝජනය කරමින් මා හට එම සොඳුරු ඉසව්වට යන්නට වාසනාවන්ත වීමි…..

වේලාව ප.ව. 2.00 වන විටම මා එතැනට ගොඩවැදුන මොහොතේ මාව පිළිගත්තේ ඉතාමත් සෙනෙහසින් …
මා දෙනෙත් දසත විසිරී ගියේ මටම නොදැනුවත්වම .. මන්ද සුන්දර අලංකාර වටපිටාවකින් බක්මහ උලෙළ වෙනුවෙන් ම නිර්මාණය වී තිබුනි…
ජයරත්න මහත්මාගේ කැපවීම සහ සැලසුම මෙතෙකැයි කියන්නට බැරි තරම් …
සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ තැන තැන ඉදිවුන පොල් අතු වලින්ම සැදුම් ලත් පුංචි පුංචි අලංකාර නිවාස.. අමුත්තන් වෙනුවෙන් වෙන්වූ පොල් අතු සෙවිලි බොජුන් හල…. එකී නොකී දසතම මනස්කාන්ත දසුනකි..

එපමණක් නොව සංස්කෘතික මධ්‍යස්ථානයේ නිතිපතා පැවැත්වෙන නර්තන , කලා , කවි හා සංස්කෘතික වැඩමුළු සඳහා සහභාගී වන දරු දැරියන් එකිනෙකා නොපරදින අයුරින් ඇඳුම් ආයිත්තම් වලින් සැරසී සිටි අයුරු කොතරම් මනස්කාන්තද…
සංස්කෘතික මධ්‍යස්ථානය මාහට නුපුරුදු තැනක් නොවෙයි. එහි කෙරෙන සංස්කෘතික වැඩමුළු , ඇතුලු දේ හා එහි අධ්‍යාපනය ලබන්නේ කවුරුන් දැයි මා දැන සිටියෙමි.. නමුත් දෑස් අදහාගත නොහැකි දසුනකට යොමුවිනි..
මන්ද , මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යාපනය ලබන දෙවැදෑරුම් කොටසක් ඇත. බුද්ධිමත් හා ඌන බුද්ධිත දරු දැරියන් .. නමුත් එම දරු දැරියන් ඉතාමත් නිර්මාණශීලී අයුරින් හැඳ පැළඳ සිටි හෙයින් ඔවුන් කවුරුන්දැයි සොයා ගැනීමට පවා මට නොහැකි තත්ත්වයක් උදාවුනි… ඒ දරු දැරියන් ගේ දෙමාපියන් කොතරම් කැපවීමෙන් කරන්නට ඇත්ද .?
කෙසේ නමුත් අමුත්තන් පැමිණෙන වෙලාව හරි.
මා ඉහතින් කියූ පුංචි නැට්ටුවන් , පුංචි නැට්ටිචියන් පෙරහැරින් කැඳවා ගෙන ආවේ ප්‍රභූ අමුත්තියක් සහ ප්‍රභූන් පිරිසක් ..
කවුද මේ ප්‍රභූ අමුත්තිය. ජපානයේ සිට මෙරටට ආයූර්වේද පරීක්ෂණයක් සඳහා පැමිණි ජපන් ජාතික මහත්මියෙකි.. එතුමියට විශේෂ ආරාධනාවක් කර ඇත්තේද ස්ථාන බාර නිළධාරි විපුලසිරි ජයරත්න මහත්මා විසින්මයි… මෙම අවස්ථාවට එතුමාගේ ආරාධනය මත දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර මෙන්ඩිස් මැතිතුමා ද සහභාගී විය.

WhatsApp Image 2024 04 12 at 09.02.08 8983fefc


සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යාපනය හදාරන දෘරු දැරියන් සමඟ විනෝද වෙමින් බක්මහ සැණකෙළියේ සියලුම අංගයන්ට එතුමිය සහභාගි වීමද විශේෂත්වයකි …

කිසියම් හෝ තැකීමකින් තොරව තම කුසලතා මනාව ඔප්පු කරමින් පැමිණ සිටි ආරාධිත අමුත්තන් සහ පිරිස සතුටු සයුරේ ගිල්වමින් එම දෘරු දැරියන් දැක්වූ නර්තන විලාසයන් කාගේත් සිත් පැහැර ගති…
සංගීත නාද රටාවන්ට අනුකූලව රඟ දැක්වූ නර්තනයන් දුටු කාගෙත් දෙනෙත් තුටු කඳුළින් පිරුනා නොඅනුමානය …

බැලුන් පිපිරවීම , බනිස් කෑම , කඹ ඇදීම , සංගීත පුටු තරගය , බෝතලයට වතුර පිරවීම යනාදී තරඟයන් පැවැත්විණි …

awrudu 2

කඹ ඇදීමේ තරඟය ඉතාමත් තියුණු අවස්ථාවක් පෙන්නුම් කෙරුණි. දෙමාපිය වැඩිහිටියන් ගේ තරඟයද..
ඒ සමඟම කුඩා දූ දරුවන් කිසියම් හෝ වර්ග බේදයකින් හෝ අපහසුතාවලින් තොරව එකාමෙන් කඹ ඇදීමේ යෙදුන අයුරු පැමිණ සිටි කාගෙත් සිත් ගත් දසුනක් විය ….

මේ කටයුතු අතරතුර පොල් අතු සෙවනෙහි සූදානම් කර තිබූ අවුරුදු කැවිලි භුක්ති විදීමට අවස්තාව ලැබුන අතර මනරම් ආයූර්වේද ඖෂධ පානයක් හකුරු කෑල්ලක් සමඟ සප්පායම් වීමට අගනා අවස්ථාවක් ලැබුණි.

හෝරා 5 ක් පමණ ගතවූවත් කාලයක්නම් ඇඟට නොදැනුන තරම් ..වෙහෙසක් නොදැනුන තරම් ..

අවසානයේ පුංචි මල් කුමරියන් ගේ සිඟිති අවුරුදු කුමරිය බවට කිරුළ දිනාගත්තේ අප කාගේත් නෙත ගැටුන විනිශ්චයට පවා කිසිඳු අපහසුතාවක් නොවුන ලාබාලම සිඟිති දියණියකි…

4444444444444444444

ජපානයේ සිට පැමිණි ජපන් ජාතික එම මැතිණිය ගේ සුරතින්ම ත්‍යාග ප්‍රදානය සිදුවිණි …
අවසාන වශයෙන් කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිළධාරි විපුලසිරි ජයරත්න මැතිතුමාගේ මේ අගනා ප්‍රයත්නය සාර්ථක කර ගැනීමෙහිලා අපරිමිත සහයෝගය ලබාදුන් එතුමාගේ කාර්‍ය මණ්ඩලය සහ සේවක මඬුල්ලේ කැපවීම ගැන මෙහිදී විශේෂයෙන්ම සටහන් තබමි.

අලුත් අවුරුද්දට සෙනෙහසින් පිරි නවමු අත්දැකීමක් හා ආස්වාදයක් ලබා මමද රාත්‍රි 07.00 ට සමු දුනිමි..

WhatsApp Image 2024 04 12 at 09.03.32 fd4bd7e4

සටහන ,
කලා විභූෂණ ,
බංඩාර රාජපක්ෂ .
(ජයහඬ සංස්කෘතික අංශයේ වැඩසටහන් සම්බන්ධීකාරක )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *