” ජයහඬ ” කතිකාවත….ඊ.සී. අමරසේන ප්‍රනාන්දු
ඔව් ..නවතම නාට්‍ය නිර්මාණ අතර මහර සංස්කෘතික බල මණ්ඩලය හරහා ” සිංහ පුරය ” සහ ඉදිරියේදී ” ඩිවෝස් ලේන් ” නම් උපහාසාත්මක නාට්‍ය පුහුණු කර රඟදක්වන්න සූදානම් .[ ඊ.සී. අමරසේන ප්‍රනාන්දු ]
ජයහඬ රේඩියෝ .. කැලණිය ජයහඬ සංස්කෘතික කලා සංසදය යනු සංස්කෘතියට..කලාවට සිය සෙනෙහසින්ම ඔබට නිර්ලෝභීව මාධ්‍ය ප්රචාරක දායකත්වය ලබාදෙන තැනක්….
එනිසාවෙන්ම තමයි අපි ” ජයහඬ ” කතිකාවත තුලින් ඔබව හමුවන්නේ..
අදත් ” ජයහඬ ” කතිකාවත සොඳුරු කතාබහ තුලින් කලාකාමී ඔබට මා හඳුන්වා දෙන්නේ කවියට , ගී පද රචනයට , ලේඛන කලාවට මෙන්ම වේදිකා නාට්‍ය රචනය ..රංගනය …ගායනය…යන සෑම අංගයන් සඳහාම එකසේ දස්කම් පාන නිහතමානී චරිතයක් …
කඩවත ඉහල කරගහමූණ නම් ගම්පියසෙහි පදිංචි ඔහු නමින් ඊ.සී. අමරසේන ප්‍රනාන්දු නම් නිහතමානී කලා කරුවෙක්.. මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලයේ සාමජිකයෙක් නිසාවෙන්ම මා හට ඔහු මුණ ගැසීමට අවස්ථාව උදාවුනා..
ඔහු මාව හිස නමා ආචාර කොට …
ආයුබෝවන් ..
මම , අමරසේන ප්‍රනාන්දු … බංඩාර මහත්තයා ඔබ තුමා ජයහඬ තුලින් ලොකු මෙහෙවරක් කරනවා.. මටත් හිතුනා මගේ තොරතුරු ටිකක් කියන්න…
අනිවාර්යයෙන්ම කියන්න අමරසේන මහත්තයා . මමත් ඔබව නිහතමානීව පිළිගන්නවා…
සජීවීව අප දෙදෙනා මහර සංස්කෘතික අංශයේදී කතා බහට එක්වුනා.. මුලින්ම මට පොතක් පිලිගැන්වූවා..
මම ඒ මුහුණ දෙස බැලුවා.. නෙත් දෙකෙන් තේරුනා ” ජයහඬ ” තුලින් ඇති බලාපොරොත්තුව ..
එය වටිනා පොතක්..
” ශිල්පීය වඩුකර්මාන්තය “
පිට කවරය දුටු ගමන් මෙම පොතෙහි අභ්‍යන්තරය කුමක්දැයි වටහාගන්න හැකිවුණා.. පාසල් අධ්‍යාපනය ලබන දරුවාගේ පටන් වඩු කර්මාන්තය කරන වැඩිහිටියා දක්වා පරිහරණය කිරීමට ඉතාමත් යෝග්‍ය පොතක් බව නොවලහා කිව යුතුමය..
අපි දැන් එහෙනම් කතා කරමු..
📻
අමරසේන මහත්තයා . ඔබට පුලුවන් ද මේ පොත ගැන යමක් සඳහන් කරන්න ..
….ඔව් .. මෙම පොත මම බොහොමත්ම ගැඹුරින් ප්‍රවේසමෙන් වචන හසුරුවා කල එකක්. මන්ද මෙය හය හතර දත් පාසල් දරුවකුගේ පටන් වැඩිහිටියා දක්වා යමක් ඉගෙන ගැනීමට හැකි අයුරින් තමයි සකස් කලේ…ශිල්පීය වඩු කර්මාන්තය ගැන අනුරූප සහිතව තමයි මෙය සකස් කලේ..අනූරූප සියල්ලම චිත්‍රයට නැඟුවේත් මම විසින්මයි..
📻..
එතකොට මෙම පොත ” වඩු කර්මාන්තය ඉගෙනුම ” .. 1 වෙනි කාණ්ඩය කියා තියෙනවා .. එයින් අදහස් කරන්නේ ඉදිරියට තවත් කාණ්ඩ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවාද ..
.. සත්තකින්ම ඔව් ..
ඉදිරිකාලයේදී අංක02 සහ 03 වශයෙන් පොත් 2 ක් කරන්න සැලසුම් කර තියෙනවා .. එවිට තමයි මේ වඩුකර්මාන්තය ග්‍රන්ථය සම්පූර්ණ වෙන්නේ..
සතුටින් කියන්න ඕනේ මෙම ග්රන්ථයට පාසල් පුස්තකාල අනුමැතියද අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලැබී තියෙනවා …
📻..
අපට කියන්න පුලුවන් ද මෙම ග්‍රන්ථය දැනට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවාද .. කොහොමද ඉල්ලුම් කල යුත්තේ..
…. ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් . ..
මෙවැන්නන් මිලදී ගත් අයෙක් මම හිතන්නෙ දොසක් කියන්නේ නැහැ .. මන්ද .. මෙහි වටිනාකම මුදලට සීමා කරන්න බැහැ ..
මගේ ලිපිනයට හෝ දුරකථන අංකයට දැන්වුවහොත් එය ලැබෙන්න සලස්වන්න පුලුවන් ..
ලිපිනය ,
ඊ.සී. අමරසේන ප්‍රනාන්දු .
අංක : 283/3,
ඉහළ කරගහමූණ ,
කඩවත .
දුරකථන අංකය : 076 99 45 332
📻..
සතුටුයි අපි බලාපොරොත්තු වෙනවා එය ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා ..
එහෙමනම් අපි ඔබේ කලාව පැත්තට යොමුවෙමු..
ඔබ කලාවට යොමුවන්නේ කොහොමද ..
… තිරපිටපත් රචනය සහ රඟපෑම ගැන මම මුලින්ම සඳහන් කරන්නම්…
1989 වසරේ සිට විවිධ නාට්‍ය පිටපත් ලිය තියෙනවා .. ඒ වාගේම ස්වාධීන රූපවාහිනියේ ” කෝපි කඩේ ” නාට්‍ය මාලාවට පිටපත් කිහිපයක් ලියා තියෙනවා .. 76 කථාංගයේ ” තනතුරු ” ලෙස හා 126 කථාංගයේ ” ප්‍රයෝගය ” නමින් පිටපත් 2 ක් ලියා තියෙනවා … ඒ වාගේම එම නාට්‍යවලට මමද රංගනයෙන් දායකත්වය දී තියෙනවා ..
📻…
ටෙලිනාට්‍ය හා චිත්‍රපට වල රඟ පෑවේ නැද්ද ..
…. ඇත්තෙන්ම මම රඟපෑවා.. විවිධ නාලිකාවල විකාශය වුන ටෙලි නාට්‍ය අතර ” දුටු සතුටු මල් ” ” තුන්කට්ටුව ” සහ ලූවී වැන්ඩස්ට්රාන්ට් මහතාගේ ” ජූරිය මමයි ” චිත්‍රපටයේද රංගනයෙන් දායක වුනා…
ඒ වාගේම වේදිකා නාට්‍ය අතර රත්නසිරි පරනවිතානයන්ගේ ” කාගේ කවුද ” හි මාධ්‍ය කරුවෙකු ලෙස රඟපා තියෙනවා ….
📻…
මීට අමතරව නාට්‍ය පිටපත් ලියා තියෙනවා ද…සහ නව බලාපොරොත්තු තියෙනවාද..
.. ඔව් ..නවතම නාට්‍ය නිර්මාණ අතර මහර සංස්කෘතික බල මණ්ඩලය හරහා ” සිංහ පුරය ” සහ ඉදිරියේදී ” ඩිවෝස් ලේන් ” නම් උපහාසාත්මක නාට්‍ය පුහුණු කර රඟදක්වන්න සූදානම් ..
📻..
ගීත රචනය සහ ගායනය ගැනත් අපි දැනගන්න කැමතියි..
..අවස්ථා කිහිපයකදීම අර්ථවත් ගීත නිර්මාණ කල අතර මගේම හඬින් ගීත ඇල්බමයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා…
📻…
ඒ ගීත ඇල්බමයට අදාල ගීත මොනවාද කියා ඇසුවොත් …
.. තෙමඟුල් සිරිත..කඳසුරිඳු පෙලහර..සිරිලක අසිරිය ..කැන්ඩියන් ඩාන්ස් මල…සිනාවේ අරුත… බිඳුණු පෙම…ආශාව… නොනිමි මව් ගුණය.. අසම්මත මත…යනාදී සමාජයේ විවිධ පැතිකඩවල් කියා පාන ගීත..
📻…
බොහොමත්ම සතුටුයි .. කවදා වගේද මේ කර්තව්‍යය කෙරෙන්නෙ …
…. මට බොහොමත්ම සතුටුයි කියන්න ..මේ වනවිට සංගීතය මුසුකොට තනු නිර්මාණය කර ඇත්තේ සංගීතඥ රනිල් ඇලෝසියස් විසින්.. ඉතින් යථා කාලයේදී එළිදැක්වේවී..
📻..
ඇත්තෙන්ම ඔබවැනි කලාකරුවෙක් ” ජයහඬ කතිකාවත ” කතාබහට එකතු කර ගැනීමත් අපිට සතුට ගෙන දෙන්නක්… ඉතින් ඔබේ ඉදිරි කලා දිවියට සුභාශිංසන අපෙන්…
…” ජයහඬ කතිකාවත ” කතාබහට මා සමඟ ඉතාමත් ලෙංගතුව මාගේ හඬ විවර කල බංඩාර රාජපක්ෂ මහතාටත් ” ජයහඬ ” සභාපතිනිය ඇතුලු සැමටත් මා හදවතිම ආචාර කරනවා…
සටහන :
බංඩාර රාජපක්ෂ