මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා ජාමකාස ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ස.ස.ක.ස නිර්මාතෘ බණ්ඩාර රාජපක්ෂ මැතිඳුන් වෙත සුබාසිරි සුබ පැතුම්..!
මානව හිමිකම් සංවිධානයේ මාධ්‍ය ඒකකය පිරිනමනු ලැබූ කලා විභූෂණ ගෞරව සම්මානය හා 2023 දෙසැම්බර් 2 දින ගම්පහ සාමවිහාරයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කවි සංගම් අතරින් සංකලන සඳැස් කවි සංසදය ප්‍රමුඛත්වය ලැබීම වෙනුවෙන් ජාමකාස ගෞරව සම්මානය 02. 12 . 2023 දින ගම්පහ සාම විහාරයේ පවත්වන්නට යෙදුන ජාතික මහා කාව්‍ය සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩලයේ ප්‍රථම සංවත්සරය උත්සවයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ කවි සංගම් අතරින් කඩවත සංකලන සඳැස් කවි සංසදය ( ස.ස.ක.ස ) සඳැස් කවිය වෙනුවෙන් කරන අපිරිමිත මෙහෙවර …, උදෙසා ස.ස.ක.ස නිර්මාතෘ….මහර සංස්කෘතික බල මණ්ඩලයේ මාධ්‍ය ලේකම් සහ සියහඬ ජයහඬ අන්තර්ජාල ගුවන් විදුලියන්හි සම්බන්ධීකාරක මෙහෙවරෙහි යෙදෙන…, දක්ෂ කවියෙකු…ගුරුවරයෙකු වූ…සම්මානිත බණ්ඩාර රාජපක්ෂ මැතිඳුන් කලා විභූෂණ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.
ජාමකාස ගරු ප්‍රධාන ලේකම් දූරන්ධර උඩරට අමරපුර නිකායේ බස්නාහිර පලාත් සංඝනායක ශාස්ත්‍රපති අති පූජ්‍ය නෙළුම් දන්ඩේ විමලසාර නායක හිමි…නියෝජ්‍ය සභාපති කිවිපති ගරු රත්න මුත්තෙට්ටුපොල මැතිඳුන් …ජාමකාස යතිවරබලකායේ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය අළුත්ගම පාලිත හිමි..ජාමකාස ගරු සභාපති දේශමාන්‍ය කලා කීර්ති දෙශබන්ධු රටේ මුල්ලේ මුදන්නායක කිවිඳුන් කිවිපති අනුර ගුණතිලක ප්‍රධාන අනුශාසක මඬුල්ලේ ගෞරවණීය විනිශ්චයන් මත ලබාදුන් මෙම ඇගයීම තමන් වෙත ලබාදුන් බව රාජපක්ෂ මැතිඳුන් ජයහඬට කියා සිටියේය.
එමෙන්ම සංකලන සඳැස් කවි සංසදය නොවැටී ඉදිරියට ගෙනයාමට නිහතමානීව උරදෙන මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිළධාරිණි අචිනි ප්‍රනාන්දු මැතිණියට .. ජයහඬ ,සියහඬ සභාපතිනිය අනුෂා නිලන්තිකා මහත්මියට ගෞරවණීය ප්‍රනාමය පුදකල අතර එදා මෙදා සසකස සමඟ අත්වැල් බැඳගෙන උරෙනුර ගැටී කටයුතු කරන රංජිත් මල්ලුවාවඩු මහත්මා ට, ඩයස් කිරිආරච්චි මහත්මාට හා නිහතමානීව එතුමන් සමඟ සමඟ ඒකරාශිව සිටින සංකලන සඳැස් කවි සංසදයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට ද ප්‍රණාමය පුද කරන බවත් විශේෂයෙන් සදහන් කල අතර ඒ සමඟම මෙම කාර්ය වෙනුවෙන් බොහෝ ඇපකැපව අනගි අවස්ථාව වෙනුවෙන් සෙනෙහසින්ම උරදුන් ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සජී කිරිආරච්චි කිවිඳුන් , ප්‍රේමසිරි කිවිඳුන් , ජාතික සංවිධායක රංජිත් හේවාඉන්නගේ කිවිඳුන් උපලේකම් පුෂ්පා පොන්නම්පෙරුම කිවිඳියට සහ ලේකම් කපිල වික්‍රමරත්න මහත්මා ඇතුලු ජාමකස සියලු නිළයන් ඇතුලු හැමෝටම සිරස නමා ආචාරය පුද කරන බවද කියා සිටියේය.
ඉතාමත්ම නිහතමානි..සුන්දර හදවතක් හිමි….බණ්ඩාර රාජපක්ෂ මහත්මා…සියහඬ ජයහඬ අන්තර්ජාල ගුවන් විදුලිය හරහාද කවිය සහ කවියා වෙනුවෙන් සිය දායකත්වය නොමසුරුව ලබා දුන් බණ්ඩාර මහත්මා සියහඬ කවි සිතක් අද්දර වැඩ සටහන හරහා නවක සහ ප්‍රවීණ කවි කිවිඳියන් එකසිය විසිපහකට වැඩි ප්රමාණයකගේ කාව්‍යමය හැකියාව සහ ඔවුනගේ ජීවන තොරතුරු ද සහෘද රසික වෙත බෙදා හදා දුන්නේ….කවි කිවිඳියන් දිරිමත් කරමිනි…සියහඬ දොරට වැඩුම වැඩ සටහන සමඟින්ද බණ්ඩාර මහත්මා කවි කිවිඳියන් ගේ කවි පොත් සහ විවිධ විෂයන් ගැන රචිත පොත් එළි දැක්වීම් වලට සියහඬ නියෝජනය කරමින් සහභාගි වෙමින් එම කටයුතු සම්බන්ධයෙන් ඔවුන් සමඟ විශේශ සාකච්ඡාමය වැඩ සටහන් ගණනාවකින්ද නවක සහ ප්‍රවීණයින්ට මාධ්‍ය ඉඩකඩ ලබාදීමට සම්බන්ධීකරණයෙන් දායකත්වය දැක්වූ අතර වැඩ සටහන් සියල්ලෙහි නිවේදන කටයුත්තද ඉටු කලේය.ජයහඬ. වෙබ් පිටුව හරහා “පොතක වත” අතිරේකයෙන්ද…”ජයහඬ කතිකාවත “සාකච්ඡාමය සංවාදය සමඟද බණ්ඩාර මහත්මා තව දුරටත් කවිය සහ කවියා වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය අන්තර්ජාල ගුවන් විදුලි මාධ්‍ය හරහාද සිදු කරමින් සිටියි.
ඉතාමත් සුහදව සහ ඉතාමත්ම ලෙන්ගතුව එතුමන් ලබා දෙන දායකත්වය කෘතවේදිව සිහිපත් කරමින්…තවත් බොහෝ කාලයක් මේ කටයුතු කරන්නට සම්මාන ලාභි බණ්ඩාර රාජපක්ෂ මහත්මාට නිදුක් නිරෝගි චිර ජීවනයත්.. සියලු ශක්තියත් ලැබේවායි ජයහඬ අපේ පැතුමයි!
බණ්ඩාර රාජපක්ෂ මැතිඳුනි…, ඔබතුමන්ගේ දෝතට පත්වූ ගෞරව සම්මානය වෙනුවෙන් ජයහඬ සුබාශිංසන ඉතාමත් සෙනෙහසින් ගෞරවයෙන් සහ සතුටින් පුද කරමු..
සටහන…නිලන්ති ජයතිලක
Hi my friend! I wish to say that this article is amazing, great written and include almost all vital infos.
I’d like to see more posts like this .