Diwali

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි / DIWALI

Diwali
Diwali

ලෝකය පුරා විසිරී පැතිරී වාසය කරන හින්දුන් වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව, උපවාස පූජාවිධි පවත්වනු ලබති. සෑම වර්ෂයකම ඉංග‍්‍රීසි ක‍්‍රමයට ඔක්තෝබර් මාසයේද සිංහල ක‍්‍රමයට වප් මාසයේද දෙමළ ක‍්‍රමයට අයිපසී මාසයේද දීපාවලී උත්සවය උදාවේ.

මේ අනුව මෙම අවුරුද්දේ අදට මෙම උත්සවය යෙදී ඇත. මෙම උත්සවය ඔක්තෝබර් මාසයේ අමාවක දිනයේදීම වීම විශේෂත්වයකි. අමාවක දිනයේ එළඹෙන ඝන අඳුර නිසා ලොව එළිය කරන්නට ආලෝක එළි දැල්වීම හින්දුන්ගේ සම්ප‍්‍රදායක්. දීපආවලී යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි. එය තවදුරටත් විග‍්‍රහකළහොත් දීප යනු ආලෝකයයි. ආවලි යනු පේලියයි. මෙම වචන දෙක සන්ධි වීමෙන් දීපවාලිය සෑදේ.

මිනිස් දිවියට ඉසුරු සදන දිපවාලි

ලෝකය පුරා විසිරී පැතිරී වාසය කරන හින්දුන් වර්ෂය පුරාවටම නොයෙක් ආකාරයේ හින්දු උත්සව, උපවාස පූජාවිධි පවත්වනු ලබති. සෑම වර්ෂයකම ඉංග‍්‍රීසි ක‍්‍රමයට ඔක්තෝබර් මාසයේද සිංහල ක‍්‍රමයට වප් මාසයේද දෙමළ ක‍්‍රමයට අයිපසී මාසයේද දීපාවලී උත්සවය උදාවේ.

මේ අනුව මෙම අවුරුද්දේ අදට මෙම උත්සවය යෙදී ඇත. මෙම උත්සවය ඔක්තෝබර් මාසයේ අමාවක දිනයේදීම වීම විශේෂත්වයකි. අමාවක දිනයේ එළඹෙන ඝන අඳුර නිසා ලොව එළිය කරන්නට ආලෝක එළි දැල්වීම හින්දුන්ගේ සම්ප‍්‍රදායක්. දීපආවලී යන්නෙන් අදහස් කරන්නේ ආලෝක පේලිය යන්නයි. එය තවදුරටත් විග‍්‍රහකළහොත් දීප යනු ආලෝකයයි. ආවලි යනු පේලියයි. මෙම වචන දෙක සන්ධි වීමෙන් දීපවාලිය සෑදේ.

Diwali
Diwali

‘දීපාවලිය’ නිසා මිනිස් දිවියේ අඳුර නසා ආලෝකය ලැබී ඥානය නැමති ප‍්‍රඥාව ලැබේ. මේ නිසා සෑම හින්දු බැතිමතෙක්ම දීපාවලිය සමරති. මේ දීපාවලිය ඇති වූ ආකාරය ගැන විස්තර කිරීමට බොහෝ හින්දු දේව කතා ඇත.

හින්දු දේවකතා

දීපාවලි උපත හෝ ඇතිවීම පිළිබඳ සුන්දර කතා පුවත් රාශියක් විවිධ හින්දු කෘතිවල දැක්වේ. ඒ අතුරින් සිව මහා පුරාණය කන්දු පුරාණයේත් දැක්වේ. මේ අනුව සිව්මහා පුරාණයේ එන කතා පුවතක් වනුයේ කිරිසයුරෙන් උපන් දියණියගේ කතාවයි.

පුරාණයට අනුව කිරි සයුරෙන් උපන් මහා ලක්ෂමී නමැති දෙවගන ශ්‍රීමත් නාරායනන් (මහා විෂ්ණු) නැමැති දෙවියා විසින් සරණ පාවාගත් දිනය දීපාවලී යනුවෙන් නම්කර ඇත. තවත් වැදගත් කතාවක් වනුයේ මහා බලි චක‍්‍රවර්තිගේ කතා පුවතයි.

මහා භාරතය
මහා භාරතයේ සඳහන් වන මෙම කතා පුවත දීපාවලියේ උපත සනිටුහන් කරයි. මහා බලි චක‍්‍රවර්ති මහා භාරතයේ සිට මෙම තුන් ලෝකයම පාලනය කළ රජ කෙනෙකි. මෙම තුන් ලෝකයම තම අණසකට නතුකරගත් රජ කෙනෙකි. මෙම අණසක දිව්‍ය, මනුෂ්‍ය, බ‍්‍රහ්ම ලෝකය පුරා පැතිර ගියේය. එම නිසා කිසිවෙකුටත් එයට පිටුපාන්නට නොහැකි විය.

මේ හේතුව නිසා මහා විශ්ණු දෙවියන්ට වත් අඩියක් තබන්නට නොහැකිවන සේ මේ ලෝක තුනම වසා ගෙන සිටියේය. මේ නිසා මහා විශ්ණු දෙවියෝ අඩියක් තබන්නට පුංචි ඉඩ ප‍්‍රමාණයක් මහා බලි චක‍්‍රවර්ති ගෙන් ඉල්ලූවේය. මේ ඉල්ලීමට අනුව මහා බලිචක‍්‍රවර්ති රජතුමා විශ්ණු දෙවියන්ට අඩි දෙකක් තබන්නට ඉඩ දුන්නේය. ඒ අනුව මහා විශ්ණු දෙවියෝ අඩි දෙකක් තබා තුන් ලෝකය අඩි දෙකට හකුලූවා ගනිමින් තෙවැනි අඩිය මහාබලි චක‍්‍රවර්තිගේ හිස මත තබා මහා බලි චක‍්‍රවර්තිව යටත් කර ගත්තේය. ඊට පසු චක‍්‍රවර්තිව පාතාල ලෝකයට යැව්වේය. පසුව චක‍්‍රවර්ති විශ්ණු දෙවියන්ගෙන් වර්ෂයකට එක්වරක් මනු ලොවට ඒමට අවසර පැතුවේය. ඒ අවසරය මත මහා බලි චක‍්‍රවර්ති මනු ලොවට එන දිනය දීපාවලිය ලෙස හින්දු බැතිමත්තු විශ්වාස කරති.

මෙම දීපාවලිය ඇතිවීම පිළිබද ප‍්‍රධාන කතා පුවතක් කන්ද පුරාණයේ දැක්වේ. මේ කතා පුවත නරක අසුරයාගේ කතා පුවතයි.

නරක අසුරයාගේ කතාව

නරක අසුරයා යනු මහා විෂ්ණුටත් භූමා දේවියටත් ඉපැදුන පුත‍්‍රයෙකි. ඉතා හොඳ අයෙකු ලෙස හැදුන වැඩුණ අතර සමහර අසුරයන් ඉගැන්වීම්වලින් මනස වෙනස් වී තමන් විසින්ම උපවාස වෘත සීලය අනුගමනය කර බොහෝ වර ලබාගත් අයකි. ඒ නිසාම දෙවියන්ටත් මුනිවරයන්ටත් වඩා හොඳට ශීලය රැුක්කේය. ඒ නිසා සිව දෙවියෝ විශේෂ වරයක් මෙම නරක අසුරයාට ලබා දුන්නේය. මෙම වරය හේතුවෙන් තුන්ලෝකයේම ඇති දේව මනුෂ්‍ය බ‍්‍රහ්ම ආදීන්ට බොහෝ වධ දෙන්නට පටන් ගත්තේය. මෙම වධ කිසිවෙකුට ඉවසන්නට බැරිවිය. මෙම වදහිංසාවලට ලක්වූ සියලූ දෙනාම එක්ව මහා විශ්ණු දෙවියන්ට කීවෝය. මෙසේ පවසන ලැබුවේ නරක අසුරයාව වදයට හෝ මරණයට පත්කළ හැක්කේ විෂ්ණු දෙවියන්ට පමණක් නිසාය.

ඊටපසු මහා විෂ්ණු දෙවියෝ ක‍්‍රිෂ්ණ අවතාරයක් ගෙන සත්‍ය බාමා නැමති දෙවගන සමඟ එක් වී නරක අසුරයාව වධයට පමුණුවා මරා දැම්මේය. මෙසේ මරණයට පමුණුවන අවස්ථාවේදී නරක අසුුරයා ඉල්ලීමක් තම පියාගෙන් ඉල්ලූවේය. තමා මැරෙන මෙම දිනයේදී සෑම කෙනෙක්ම ආලෝක පේලි දැල්විය යුතු යන ඉල්ලීමය. මෙම ඉල්ලීමට අනුව අයිපසී මාසයේ අමාවක දිනයේදී පහන් දල්වා ආලෝක පූජා පැවත්වීම හින්දු සිරිතකි. එම දිනය දීපාවලිය ලෙස හැඳින්වේ.

ජෛන සාහිත්‍යය

දීපාවලි දිනය සැමරීම සඳහා හින්දුන් බොහෝ විට අනුගමනය කරනු ලබන්නේ මේ නරක අසුරයාගේ කතා පුවතයි. එහෙත් හින්දු පුරාණ කතාවලත් අනෙක් දේව කතාවලිනුත් දැනගන්නට ලැබෙන කරුණු අනුව මෙම දිනයේ පසුකාලීනව ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වී ඇත.

එයින් ප‍්‍රධාන පුවතක් දැක්වීම වටනේය. එනම් අවුරුදු 14කට පසු රාම වනවාසයෙන් මිදී අයෝධ්‍යා නගරයට පැමිණෙන විට සෑම ගමක් පාසා ජනතාව පහන් දල්වා සරඹු ගංගා තීරයේ ජල ක‍්‍රීඩා කර ස්නානය කර අලූත් ඇඳුම් ඇඳ රස කැවිලි සෑම දෙනාම බෙදා තම සතුට බෙදාගෙන ඇත්තේද දීපාවලි දිනයේදීය.

ජෛන මහා වීරතුමා දීපවාලී දිනයේදී ගිහි ගෙයින් නික්මී ඇති බව ජෛන සාහිත්‍ය පෙන්වා දෙයි

ඉසුරු ගෙනෙන දෙවඟන

මහා ලක්ෂ්මිය යනු හින්දුන්ගේ පමණක් නොව සිංහලයන් ද ඉසුරු ගෙන දෙන්නියක ලෙස විශ්වාස කරති. එම නිසා මහා ලක්ෂ්මි පූජා පැවැත්වීමද බහුල වශයෙන් සිදු කරනු ලබති. එය හින්දුන්ට පමණක් සීමා වූ පූජා විදික‍්‍රමයක් නොවේ. මන්ද ලක්ෂ්මි විසින් සකල මිනිස් වර්ගයාටම ඉසුරු ගෙන දෙන්නියක් බව ඔවුන් විශ්වාස කරන බැවිනි. එම නිසා දීපවාලී දිනය මිනිස් සංහතියේම අඳුර නසා ආලෝකය ලබා දෙන දිනයක් වශයෙන් හින්දුන් මහා ලක්ෂ්මි පිදීම දීපවාලී දිනයේදී අමතක නොකරති.

මහා ලක්ෂ්මි පිදීමෙන් ඉසුරු පමණක් නොව මහා ආනිසංසද මහත් ඵල ගෙන දෙන බව හින්දුන්ගේ විශ්වාසයයි. එබැවින් හින්දු ජන සමාජයේ ලක්ෂ්මි පිදිල්ල බෙහෙවින් දක්නට ලැබේ.

Diwali
Photo Taken In Benares, India

හින්දු චාරිත‍්‍ර

දීපවාලී දිනයටම විශේෂ වූ පූජා විදික‍්‍රම කීපයක් හින්දු චාරිත‍්‍ර ධර්මවල දක්නට ලැබේ. එනම් ඉහතින් සඳහන් කරන ලද ලක්ෂ්මි පූජාව, ගරක සදුර්ති සමන්ත වලි පාඩු හින්දුන් විසින් නම් කර ඇත. සාමාන්‍යයෙන් මෙම පූජා විදික‍්‍රම දින හතරකින් සමන්විත වී ඇති බැවින් එක් එක් දිනයට ඒ ඒ පූජාවන් සිදු කරනු ලබති. ඒ අනුව මෙම දීපවාලී උත්සවය නිමිත්තෙන් දින හතරක් තිස්සේ පූජාවන් පවත්වනු ලබෙති.

මින් පළමු වැන්න ලක්ෂ්මි දේවියට පූජාවන් සිදු කරනු ලබති. මින් අදහස් කරන්නේ මහා ලක්ෂ්මියට ඉසුරු ලබාදීමට කටයුතු කිරීමය. තවද ලක්‍ෂ්මි පූජාව දිනයේදී මිනිසුන් අලූත් බැංකු ගිණුම් ඇරඹීමටද අමතක නොකරති. මෙම දිනය ව්‍යාපාරිකයන්ට ඉතාම වැදගත්ය.

මෙහි දෙවැනි දිනයට නරක අසුරයා මරණයට පත් වූ දිනය ලෙස සලකති. මෙම දිනයේදී ඉතා සතුටින් නෑදෑ හිතමිතුරන් ආශ‍්‍රය කොට නැති බැරි අයට යමක් දීම මෙන්ම දුගී මගී යාචකයින්ට සැලකීම ද සිදුකරනු ලබති. තෙවැනි දිනයේදී තෙල් ගල්වා ස්නානය කොට පහන් පේලි දල්වා පුද පූජා පවත්වති. හතරවැනි දිනයේදී සිදුකරනු ලබන සිරිත් විරිත් සඳහා හින්දු පුරාණය කියනු ලබන දේව කතාවක සම්බන්ධයක් ඇත. එනම් යෙමන් හෙවත් යමගේ සහෝදරිය වූ යමුනාට ඔහු විසින් තෑගි බෝග ලබා දෙන්නේය. එය සිහි ගන්වමින් සෑම හින්දු නිවසකම සිටින පිරිමි දරුවන් තම සහෝදරියන්ට තෑගි බෝග ලබා දෙන්නේය.

භක්තිය නැමැති දීපය

සමාජ විද්‍යාත්මක පැත්තෙන් බලන කල දීපවලි උත්සවය වැදගත් අංශ ගණනාවක් පිළිබඳ විග‍්‍රහ කළ හැක. එනම් හින්දු ජන සමාජයේ පවතින විශ්වාස පදනම් කරගෙන මෙය ගැන සොයා බැලීම ඉතා අගනේය. හින්දුන් මෙම උත්සවයේදී දෙවියන් පුදනු ලබන්නේ දැඩි භක්තියෙනි. මේ නිසා භක්තිය නමැති දීපයන් නොහොත් ආලෝකයන් මිනිස් හදවතේ ඇත. මෝහ අඳුර දුරුකරනු ලබන බව හින්දු ධර්මය අපට උගන්වයි. මෙහිදී වැඩිදුරටත් හින්දු ධර්මය කියන පරිදි මිනිසාගේ හදවතේ ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය වැනි දෑ අඳුර වශයෙන් හඳුන්වනු ලබයි. මෙය ඉවත් කරලීමට දෙවියන් පිදිය යුතු බව එහි ඉගැන්වේ. එනම් දෙවියන් සිහිකරමින් පුද පූජාවල යෙදෙන විට යට කී අකුසල මූලයන් මනසින් ඉවත් වන බැවින් මිනිසා යහමඟට හැරීමට මඟ පෑදෙන බව ඉන් හැෙඟ්.

හින්දුන්ගේ දීපාවලිය නිසා තවත් විශ්වාසයක් ගොඩ නැගී ඇත. මිනිස් ජීවිකාව යනු දුක් ගොඩකින් පිරි එය විඳිමින් ගෙවෙන දෙයක් බවය. මෙදින එම ජීවිතවලට ආලෝකය ලැබී තවකෙකුට සම්පත ඉසුර ළඟාකර දෙන බව ඉන් කියැවේ. තවද ළමයින් උදෙසා ද දීපාවලිය ඉතා වැදගත් වන බව හින්දු ජන සමාජයේ විශ්වාසයයි. මන්ද මෙම දිනයේදී කුඩා ළමයින් සතුටින් කෙළි දෙලින් ගත කරන දිනයක් ලෙස බොහෝ වියතුන් අර්ථකථනය කර තිබේ.

ප‍්‍රාර්ථනා

භගවත් ගීතාවත් විෂ්ණු පුරාණයත් විෂ්ණු කවසමි නමැති කෘතියත්් විෂ්ණු සකස්ටුනාමම් කෘතියත් පෙන්වා දෙන පරිදි දීපාවලී උත්සවයෙන් ජන සමාජයේ මිතුදම් වර්ධනය වී නෑදෑ සබඳකම් තහවුරු වන බව පෙන්වා දෙයි. මේ අනුව බලන කල පුරාණ කතා පුවත් මෙන්ම හින්දු ධර්මයත් හින්දු දේව කතාත් මිනිසා යහමඟට යොමු කරන යොමු කරවන දිනය දීපාවලි දිනය බවයි.

සියලූ දෙනාගේම වෛරය, ක්‍රෝධය ඉවත් වී සැමට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ නිදහසේ සමඟියෙන් සමාදානයෙන් ජීවත් වීමට දීපාවලිය පිහිටක්ම වනවා නිසැකයි.

සටහන….ලංකාදීප

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *