මහර සාහිත්‍ය කලා මහෝත්සවය – 2023
වසරක් පාසා සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය වෙනුවෙන් මහර ප්‍රාදේශීය සාහිත්‍ය කලා උත්සවය පසුගිය 11 වෙනිදා පවත්වන්නට යෙදුනි….
මහර ප්‍රාදේශීය ලේකම් තුමාගේ අනුශාසකත්වයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීනී අචිනි ප්‍රනාන්දු මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් හා මෙහෙයුමෙන් මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලැබිණ..
ගම්පහ දිසාපති / ලේකම් පාඬිකෝරාල මැතිතුමාගේ පූර්ණ උපදෙස් මත මෙය සංවිධානය කරන ලදුව සංස්කෘතික බල මණ්ඩලයේ කලාකරුවන් කලාකාරීණීයන් ගේ රැඟුම් ගැයුම් මැද මෙම කලා උත්සවය හැඩගන්වනු ලැබිණ..
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් කලා සංගම් මඟින් විසිතුරු රැඟුම් වේදිකා ගතවූ අතර ,මහර කලාපයේ කලාවට සේවයක් කල කලා කරුවන් 5 දෙනෙක් උදෙසා ” මහර කලා අභිනන්දන ” ගෞරව සම්මානය ද පිරිනමනු ලැබිණ.. මෙහිදී මහර කලාපයෙන් සාහිත්‍ය තරඟාවලියේ දී ජයග්‍රහණය කල අය සහ මහර කලාපීය පාසල් දරු දැරියන් විශාල පිරිසක් සම්මානයට ප්‍රාප්ත විය…
ඒ අතරම මෙහි නියමු වරිය වන අචිනි ප්‍රනාන්දු මැතිණියට ජයහඬ මාධ්‍ය , කැලණිය ජයහඬ සංස්කෘතික කලා සංසදය හා කඩවත රම්මුතුගල සංකලන සඳැස් කවි සංසදය එක්ව පිරි නමනු ලැබූ ” සාහිත්‍ය කලාභිවෘධි කීර්ති ” ගෞරව නාමයෙන් පිදුම් ලැබුවාය… මෙම අවස්ථාවට ප්‍රදේශයේ මන්ත්‍රී සහන් ප්‍රදීප් මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි විය.. පූර්ණ මාධ්‍ය අනුග්‍රහය ” ජයහඬ ” රේඩියෝ .. මෙහි සම්බන්ධීකරණය බංඩාර රාජපක්ෂ ..