09

තරහ පාලනය කරගන්න බැරි වෙලාවට කරන්න ඕන දේවල් 5ක්

සෑම කාන්තාවක්ම කැමති හැමදාමත් තරුණ පෙනුම රැකගෙන ලස්සනට ඉන්න. නමුත් එයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තරහ පාලනය කරගන්න බැරි එක. කතාවක් තියෙනවනේ තරහ යන අය ඉක්මනට වයසට යනවා කියලා. ඒකට හේතුව තමයි තරහ යන අවස්ථාවකදී විශාල වශයෙන් සිරුරේ රසායනික වෙනස්වීම් සිදුවීම. මෙයින් ඔබේ ශාරීරයට වගේම මනසටත් විශාල හානියක් වෙනවා. ඉතින් ඒ නිසා අද අපි ඔයාලව දැනුම්වත් කරන්න සූදානම් වෙන්නේ ඔයාට තරහ පාලනය කරගන්න බැරි අවස්ථාවක කරන්න ඕන දේවල් 5ක් ගැනයි.

ඔබට තරහ යන දේවල්වලින් ඉවත් වෙන්න

කිසියම් අවස්ථාවක ඔබේ හිතට තරහක් ගෙන දෙන සිද්ධියක්, ස්ථානයක් හෝ පුද්ගලයෙක් සමීපයේ ඔබ සිටිනවා නම් ඉක්මනින්ම එයින් ඈත් වෙන්නට වග බලාගන්න. එය අමතක කිරීම අසීරු නම් ඔබේ අවධානය ඔබ කැමති දෙයකට හෝ කැමති පුද්ගලයෙක් වෙත යොමු කරන්න. එයින් ඔබට තරමක් දුරට හෝ තරහව පාලනය කරගන්නට හැකිවේවි.

ඉවසීම පුහුණු කරන්න

ඔබේ තරහවට ප්‍රධානම හේතුව තමයි හික්මීම නැතිකම. ඒ නිසා මුලින්ම ඔබ ඉවසීම පුහුණු කිරීම වැදගත් කාරණයක්. එය කළ හැක්කේ ඔබේ උත්සාහය මතම පමණයි. මේ නිසා ඔබට තරහ යන සිද්ධිවලදී ඔබේ හැඟීම් පාලනය කරගනිමින් සන්සුන් වෙන්න උත්සහ දරන්න.

වතුර බොන්න ඔබට තරහ

ගියවිට වතුර පානය කිරීමෙන් ඔබේ සිරුරේ උණුසුම පාලනය වෙනවා. ඉතින් මේ නිසා තරහ ගිය අවස්ථාවක ඔබ සිසිල් වතුර වීදුරුවක් පානය කිරීම මඟින් ඔබේ තරහ පාලනය කරගැනීමට විශාල සහයක් වෙනවා.

10 – 01 දක්වා ගණන් කරන්න

තරහ පාලනය කරගන්න බොහොම ජනප්‍රිය ක්‍රමයක් තමයි මේක. මෙයින් සිද්ධ වන්නේ පාලනයෙන් තොර වූ ඔබේ මනස නැවතත් සන්සුන් කරගැනීමට අවශ්‍ය වටපිටාවක් ඔබට සකසා දෙන එකයි. මෙම සාර්ථක ක්‍රමය මඟින් ඉක්මනින් ඔබේ මනස පාලනය කරගැනීමට හැකියාව ලැබෙනවා.

කෝපය සාධාරණීකරණය කරන්න එපා

මුලින්ම කෝපය පිට කිරීමෙන් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ඔබ අවබෝධ කරගත යුතුයි. අනික එය සාධාරණීකරණය කිරීමෙන් සිදුවන්නේ දිගින් දිගටම ඔබ තරහ ගැනීමයි. එවිට කෝප ගැනීම ඔබේ ජීවිතේ පුරුද්දක් බවට පත්වෙනවා. එසේ වීමෙන් අනිවාර්යෙන්ම ඔබ ජීවිතේ අසාර්ථක පුද්ගලයෙකු බවට පත්වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙනි
සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *