ආදරයෙන් ගෞරවයෙන් හා භක්තියෙන් පිරුණු දිනයක්…
දිනය: 2024 පෙබරවාරි 01 දා
වේලාව : පෙ.ව. 8.30
ස්ථානය : සත්සරණි කලායතන පරිශ්‍රය ..
” ජයහඬ ” කලා පළස සරසන්නට මට අපූරු ඉසව්වකට පය තබන්නට වාසනාව ලැබුනා. ..
ඒ මහර සත්සරණි කලායතනයේ
කලායතනාධිපති ටිකිරි බණ්ඩාර මහතාගේ ආදරණීය ගුරුවරයා මහනුවර චිත්තපජ්ජල ගුරුන්නාන්සේ උදෙසා පැවැත් වූ ගුරු උපහාරය..
ගුරුවරයා නිහතමානී ගෝලන්ගෙන් උපහාර පිදුම් ලබන්නටත් ,,, ගෝලයා ගුරුවරයාගෙන් නිහතමානී ආශීර්වාදය ලබන්නටත් ,,,, වාසනාව තිබිය යුතුයි…
” ජයහඬ ” මාධ්‍යවේදියකු වශයෙන් මෙවන් සුන්දර දසුන් දකින්නට මමද වාසනාවන්ත වීමී….
සත්සරණි කලායතනාධිපති තුමා මා පිළිගත්තේ හිස නමා ආචාර කරමින්… ඒ වන විටත් මහර සංස්කෘතික බල මණ්ඩලයේ සංස්කෘතික නිළධාරිණි අචිනි ප්‍රනාන්දු මහත්මිය , සුභාෂිණි නාත්තන්ඩියගේ මහත්මිය ,මහර ප්‍රාදේශීය ලේකම්, *ලලිත් බණ්ඩාර මහතා,
*ප්‍රවීණ නර්තනාචාරය රවිබන්දු විද්‍යාපති මහතා,
*සත්සරණියේ ආදරණීය දූ දරුවන් ඇතුළු දෙමාපියන් ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිවරා එකම පෙරහරක් සංවිධානය වී තිබුණි..
“සත්සරණි ” කලායතනයට මීටර් 100 ක් පමණ දුරින් වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගනය අසලින් මෙම ගුරු උපහාර පෙරහර ආරම්භ විය.
මනා නෙත්කළු දසුනකි.. මහමඟ සත්සරණි කලායතනයේ උඩරට නැට්ටුක්කාර දරුවන්ගේ ග්‍රහණයට හසුවී හමාරයි ..
ආගිය වාහන පිරිසගේ නෙත් හොඳින් යොමුවී තිබුණි..
දැඩි උණුසුමෙන් පිරුණු දිනයක් වුවත් ආදරයෙන් ගෞරවයෙන් හා භක්තියෙන් පිරුණු දිනයක් විය..
සත්සරණි කලායතනයේ අධිපති ටිකිරි බංඩාර මහත්මාගේ ගුරුවරයා මහනුවර තිත්තපජ්ජල ගුරුන්නාන්සේගේ ජන්ම දිනය මෙදිනට යෙදී තිබුණි.
එතුමාගේ සුරතින් උපන් දින කේක් ගෙඩිය කපා මහර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුලු සම්භාවනීය පිරිසට කැවූ අයුරු ඉමහත් සිත්ගන්නා දසුනක් විය.. සෙත් පිරිත් සජ්ජායනා මැද මේ ගුරු උපහාර උළෙල පැවැත්වින..
ඉන් අනතුරුව මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බංඩාර මැතිතුමා අගනා දේශනයක් කරමින් මහර සංස්කෘතික බල මණ්ඩලයට “සත්සරණි ” කලායතනාධිපති ටිකිරි බංඩාර මහත්මාගෙන් ලැබෙන සංස්කෘතික දායකත්වය ඉතාමත් අගය කරනු ලැබින.
ඉතින් අපටද කියන්නට ඇත්තේ ..ආදරණීය ගුරු මවුනි !පියාණෙනි ! අපේ ආදරණීය දරුවන්ගේ අඳුර දුරු කරන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා යන්නයි…!!!
සටහන :
මහර සංස්කෘතික බල මණ්ඩලයේ මාධ්‍ය ලේකම් හා ” ජයහඬ රේඩියෝ ” සම්බන්ධීකාරක
බංඩාර රාජපක්ෂ .